2012/02/03

මිත්‍යාදෘෂ්ඨිකයාගේ පුනරාගමනය.

කාලෙකින් අතක් වත් තියපු නැති බ්ලොග් එකට අද හවස ගොඩ උනාම මහ මූසල හැඟීමක් ආවේ ඇයි කියන්න හරියටම බැරි උනත් මම තීරණය කරා පුළුවන් විදිහට මේක ලියන්න. මොකද මට මගේ ජීවිතේ අසරණ වෙලාවට කාටහරි කියන්න ඕනි දේවල් සටහනක් දාලා ගියපු මගේ බ්ලොගේ මම අමතක කරළම දැම්මේ ඇයි කියලා කල්පනා කරන්න වෙලාවක් හම්බු උනේ පළමු වාර නිවාඩුවේ අන්තිම හරිය වෙනකොට. මේකත් නිකම් හරියට මමයි මගේ ආගමයි වගේ.. මට පුළුවන් වෙලාවට මම තමයි පොර.. කිරිඅම්මට උස මදි හින්දා ගෙදර පහන තියන්න මට කතා කරාම ඒක තියලා දීලා එනකොට "ඕකට වැදලා ගියොත් උඹට පව් සිද්ද වෙන්නේ නෑ" කිරිඅම්මා කියනකොට. "අනේ කිරිඅම්මේ ඕක තියල වදින්නේ නැතුව පයින් ගහලා එන්න පුරුදු වෙලා තිබ්බනම් මට කියයි ඕකට පයින් ගහල යන්න කියල" කියලා කිරි අම්මව යක්ෂාරූඩ කරන මම ම. අසරණ වෙලාවට ඒ ආගමේ ම හරයෙන් මගේ අසරණ කම නැතිකරගන්නවා වගේ තමයි මේ බ්ලොග් කෙරුවාවත්. මගේ හිතේ තියන කාටවත් කිව්වොත් මාව පිස්සෙක් කියලා හිතෙන කුණු ටික මගේ හිතට වද දෙනකොට තමයි මේක මතක් වෙන්නෙත්.
                              ඇයි මම ලියන එක නැවත්තුවේ ඇත්තටම? අනේ මන්දා වැඩ වැඩි උනත් උවමනාවක් තිබ්බනම් මේකට මොනා හරි ලියන්න බැරි කමක් මට තිබ්බේ නෑ. ඒ උනත් ඒ වෙලාව ෆේස්බුක් ඉන්න ගියාම කරන්න ඕනිම වැඩකටවත් වෙලාව නැති වෙලා ගිහින් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරක්ම නම් නෙමෙයි වෙන්ඩ ඕනි. කොහොම හරි අද මම හිතාගෙන ආවේ මාසෙකට සැරයක්වත් මේකට මොනා හරි ලියලා යනවා කියල. මගේ ජීවිතේ උපතේ ඉදන්ම බොරුවක් උන එකේ මේකට මොනා හරි බොරුවක් ඇත්ත කරළා ගැට ගහන එක ඒ තරම් අමාරු වෙන්ඩ විදිහක් නෑ. ඇත්තයි බොරුවයි වෙන් කරළා දැකගන්න බැරි මට ඕනිවෙලාවට හැමදේම ඇත්තක් නැත්නම් බොරුවක්. ඒක නිකම් අර බඩගිනි වෙලාවට කබරගොයාත් තලගොයා වෙනවා වගේ. ඇත්තටම ඒ කතාවෙ තේරුම මොකක්ද, කියන ක මටත් ප්‍රස්නයක්!  සාමන්‍යයෙන් මිනිස්සු තලගොයි මස් නේ කන්නේ ඒත් හොදටම බඩගිනි උනාම කබරගොයෙක් දැක්කත් මූ තලගොයෙක් කියලා ඌව මරාගෙන කන එකටද?එහෙම නැත්නම් කබරයාට බඩගිනිඋනාම තලගොයාගේ ගානට වැටෙනවා කියන එකද? දෙකේ
 වැඩි වෙනසක් නෑ හිතාගත්තම වැඩේ ලේසියි.
                                පණ්ඩිත තාලේ හෙඩිමක් දාලා ලියන්න පටන් ගත්තට මොකද ඔහේ කියවලා යෑමක් තමයි පෙන්නුම් කරන්නේ. නැතුව ඉතින් වෙන මොනා කරන්නද මේ තරම් කාළයක් කරෙත් ඒක අද ඉදන් ඉස්සරහට කරන්න යන්නෙත් ඒක. කොහොම හරි ඒ කියවිල්ලෙන් මගේ ඔලුව නිදහස් වෙනවනම් කවුරු මොනවා හිතුවත් කමක් නෑනේ. අනික මට ලියන්න හිතෙන්නෙම පරීක්ෂණ මට්ටමේ දේවල් ගැන. ඒ කියන්නේ හරියටම දන්නේ නැති දේවල්. මම ම හිතලා ඇත්ත කරගත්තු දේවල්. ඒවා හරි හෝ වැරදි ඔන්න ඔහේ ලියලා දානවා.

ප.ළි. මේක ඉතින් කවදාවත් නැති වෙලා නෑ මට මතක හැටියට. ඒ හින්දා අදත් දානවා ජයවේවා!! හැමෝටම කියලා..
                          

7 comments:

  1. ලියමු ලියමු. පරීක්ෂණ මට්ටමේ එව්ව හොඳයි පරිසමාප්ත එව්වට වඩා :-D

    ReplyDelete
  2. welcome back මිත්‍යා...

    ReplyDelete
  3. ෆේස්බුක් අතහැර දාලා ආයේ ලියන්න පටන්ගනිං . උඹ මේ බ්ලොග් එක ලියනවාට වැඩියෙන්ම කැමති එකා තමයි මම .

    මගේ බ්ලොග් රෝලෙන් මම මාසය තුනකට වඩා කාලයක් නොලියවුන බ්ලොග් බොහොමයක් මම අයින් කරනවා ඒත් මම උඹගේ බ්ලොග් එක කවදාකවත් අයින් කරන්නේ නෑ . මොකද කීවොත් උඹ ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ මිත්‍රයා නිසා

    උඹ ආයේ අපේ ගමට ආවා වගේ හැඟීමක් තමයි මට මේක දැක්කාම ඇති වුණේ ලියපං මචං මමත් ආසාවෙන් ඉන්නේ මගේ පොඩි කාලේ මිත්‍රයාගේ කතා මොනවාද කියලා

    ReplyDelete
  4. හ්ම්..... මාස 7 කට විතර පස්සෙ. හරි සතුටක් දැනුනා පෝස්ට් එකක් දැක්කම... මම බයේ හිටියෙ මේකෙ හිටපු එකම මිත්‍යාදෘෂ්ටිකයත් සම්‍යදෘෂ්ටික වෙලාවත් ද කියලා...සාදරයෙන් නැවත පිලිගන්නවා සහෝ...

    මට චෝදනාවකුත් කරලා තිබුනා මම ඔයාගෙ ශෛලිය හොරකම් කරලා කියලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා තමයි...

      Delete
  5. ම්ම්...මේ පැත්තටනම් ආවෙ අදයි යාලු....

    දිගටම ලියන්න....ඇත්තටම මං දැකපු හොඳම බ්ලොග් එකක්....
    ජය වේවා....අද ඉඳන් හැමදාම එන්නම්....:)

    ReplyDelete