2011/02/07

අදින් පස්සේ මට හඳ එපා, මගේම කියළා කණාමැදිරියෙක් හොදටෝම ඇති.,

රෑ 12 වෙනකම් බලාගෙන හිටියේ කොහෙවත් කහන හින්දා නෙමෙයි...
උඹ පාඩම් කරලා ඉවර වෙනකම්.
දවල්ට මැසේජ් කලොත් අම්මට අහු වෙලා...
උඹව මරයි කියලා මගේ හිතේ තිබ්බ බය හින්දා.
බොහොම ස්තුතියි කරපු උදව්වට,
උඹේ වචන කීපෙට පින්සිද්ද වෙන්න මගේ කැහිල්ල නතර උණා.
"කරදර කරන්න එපා මට නිදිමතයි මම නිදාගන්නවා...."
නෑ ඇත්ත තමයි, 
මම මගේ මොන වැඩේ තිබ්බත්,
උඹ කතා කරන වෙලාවට කතා කරන්නේ..
මට වැඩ නැතිව නෙමෙයි.
කථා කරන්න කෙල්ලෝ නැතිවත් නෙමෙයි.
මගේ හිත් අහස සරසන හඳ උඹ කියලා හිතාගෙන.
දැන්නේ තේරෙන්නේ  .......
මම මිහිතලයම නෙමෙයි එක මිනිහෙක් කියලා.
උබට ගොඩාක් පින්, මට අමාවකේ අගය කියල දුන්නට.

අදින් පස්සේ මට හඳ එපා, මගේම කියළා කණාමැදිරියෙක් හොදටෝම ඇති.

6 comments:

  1. රැස් විහිදෙන සඳ මඩලම
    මහ ලොකුවට
    අපි දැක්කට
    අහස සිඹින
    හාදු කොහිද
    අමාවකට

    ReplyDelete
  2. හෙ හෙ .. අන්න එහෙමයි ඉන්න ඔන ...ඒත් පාඩම් කරපු එකෙන් උඹට ආයහපතක් උනේනෑනේ ..

    බලාගෙන මචෝ ගිනි පෙල්ලෙන් කන්ඩවෙයි,...

    පට්ට ..පට්ට

    ReplyDelete
  3. හඳ වෙනුවට කණාමැදිරියෙක්?
    ඇයි තරුවක් හොඳ නැද්ද?

    ReplyDelete
  4. අපි සමහර ලොකු දේවල්, බොහොම පොඩි සංසිද්ධි වලින් මනිනවා. එහෙම මැන්නත් වැරදි. නොමැන්නොත්, එතකොටත් මෝඩයා අපිමයි.

    ReplyDelete