2011/03/24

අවුල් නිරවුල් මගේ ම න ස

මම අද කොහොම හරි හොදට හිතලා පෝස්ට් එකක් දානවාමයි කියලා හිතාගෙන හිටියේ. ඒ උනාට මගෙ මනස ගොඩාක් අවුල් වෙලා වගේ. ඒකට අලුත් උත්ප්‍රේරකයක් හම්බ වෙලානේ.  1ක් නෙමෙයි 2ක 3ක්ම.  ඉතින් මම ගොඩාක් ප්‍රීතියෙන්. මම මේ වෙනකම් හිතුවේ නෑ ප්‍රීතිය කියන්නෙ නිරවුල් මනසට බාදාවක් කියලා. නමුත් මේ පෝස්ට් එක දාන්න ආපු වෙලාවට තමයි ඒක තේරුනේ. මොකද ප්‍රීතියෙන් ඉන්න වෙලාවට කාටවත් උවමනා නැහැ අපි ප්‍රීතියෙන් ඉන්නේ ඇයි කියලා හිතන්න. නමුත් අනිත් හැම හැඟීමකදිම අපිට යම්තාක් දුරට හරි හිතෙනවනේ මේකට හේතුව මොකක්ද කියලා හිතන්න.


                               කොහොම උනත් මම හිතන්නේ නැහැ මගෙ පෝස්ට් එක තර්කාණුකූල වෙයි කියලා, මොකද මමත් අද ටිකක් ප්‍රීතියෙන් ඉන්නේ. අහ්!! මම කියන්නම්කෝ ඇයි මම ප්‍රීතියෙන් ඉන්නේ කියලා, මම අද මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ටිකක් රන්ඩු උනා, බැනගත්තා, ඔක්කොම ඉවර වෙලා ආපහු යාලු උනා. ඉතින් අර සෝමතිලක ජයමහ කියනවා වගේ....,
              මහවරුසාවට පසුව නැගෙන සඳ  වෙනදාටත් වැඩියෙන් එලියයි,
             නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එලියට වැඩියෙන් එලියයි.....    
                                                          ඒ නිසා මම අද ටිකක් ප්‍රීතියෙන්.
   ඉතින් අද මම හිතුවා මේ සතුටට හේතුව හොයන්න, ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.
  මම එහෙම කිව්වේ දැන් ඉතින් ආපහු ඒ සොහොන් වල හාරන්න වෙන නිසා.


                                                        ඇයි අපි අද රන්ඩු උනේ??
                ඒක උනේ මෙන්න මෙහෙමයි. මම කෙටියෙන්ම කිව්වොත් මම අද දවලුත් හෑරුවා සොහොන් වලක්. අපේ සීයත් පුරාවිද්‍යා ගවේෂකයෙක් නිසා මටත් පුලුවන් හොඳට සොහොන් වලවල් හාරන්න, හැබැයි එයානම් හොයා ගත්තේ වැදගත් දේවල්, නමුත් අද මම හෑරුවේ පරන කහල ගොඩක්. ඉතින් ඔය කහල ගොඩ මට තනියම හාරන්න බැරි නිසා මම පොඩි සහයෝගයක් ගත්තා එයාගෙනුත්. එයා ඒක හාරලා දීල පැත්තකට උනා. මම ඉතින් මෝඩයා වගේ ඕකට පැනල කුණු නාගෙන එයාවත් කුණු වලින් නෑව්වා. ඔන්න සරලවම කිව්වොත් වලියට මුල.


                                        ඊට පස්සේ..
      
 ඉතින් හැමදාම වගේ මම ආපහු කුනු ටික ආපහු වලට දාල වලත් වහල දැම්මා, ඉතින් පුරුදු විදිහටම ආපහු අවබෝඳතා ගිවිසුමක් අත්සන් කලාට පස්සේ වැඩේ ශේප්. මේකනේ මට වලි දාන්න පුලුවන් එයාට වලි නවත්තන්න පුලුවන්. ඉතින් කොහොම හරි එයාට පිංසිද්ද වෙන්න දැන් වැඩේ ශේප්.








සිතිවිලි සාදය..  
      අදත් ආපහු ගෙදර ආවට පස්සේ මගේ සිතුවිලි සාදය පටන් ගත්තා. අද මොකක්ද උනේ. ඇයි මම ප්‍රීතියෙන්? ඔව්වා තමයි අද සාදය හැඩ ගන්වන්නේ.
         මම ඉස්සෙල්ලාම කලේ පරණ කුනු ගොඩක් ඇදගෙන දගලපු එකනේ ඉතින් ඔතනදී මම මගේ මනසම අවුල් කරගෙන බොරුවට හැඟීම් හදාගෙන පැය ගානක් රන්ඩු උනානේ. පස්සේ ආයෙමත් ඒ ඔක්කොම දේවල් අමතක කරලා දැම්මට පස්සෙනේ මට ප්‍රීතියක් ඇති උනේ?
           ඉතින් ඔතන සතුටු වෙන්න දෙයක් නෑනේ, මම හිටියා වගේමනේ?
     නමුත් මට ලොකු සතුටක් වගේ එකක් දැනෙනවනේ, මොකක්ද ඇත්තටම මේකට හේතුව?


මගේ මනස තාම අවුල් මට දැන්නම් ඕක ගොඩාක් දුරට හිතන්න බැරි වෙයි. මම මේක දැන්මම දාන්නේ අපේ සිත් බැඳීම් වලින් රසවත් උන තරමටම ඒක මොන තරම් අවුල් වෙනවද කියලා බලාගන්නත් එක්ක. 


ප.ලි.
ඇත්තටම මට තේරෙනවා, මට ඇත්තටම හිතන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ ලෝභ කමක්, මොකද, මම බයයි මම ඒ දේ ගැන හිතුවොත් මගේ මේ ප්‍රීතිය නැති වෙයි කියලා. ඇත්තටම අපි අපේ හිත් මේ වගේ රවට්ටගෙන මොන තරම් නම් ප්‍රීති වෙනවද?? ඇත්තටම නිරවුල් මනස හෝ අවුල් මනස කියලා දෙයක් තියනවද? ඒක හොයනවා කියන්නේ එංගලන්තේ ගිහින් ග්‍රීනීච් රේඛාව හොයනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.

4 comments:

  1. අපට තදින් බලපාන යම් සිදුවීමක් නිසා අපේ මනස අවුල් වෙන්න පුළුවන්. (සතුට හෝ දුක වගේ හැඟීමකින්...) එකෙදි අපි කරන අනිත් දේවල් කරගන්න තරම් මනස ටියුන් නොවෙන්න පුළුවන්. කොහොම වුණත් මනස අවුල් හෝ නිරවුල් වෙන්නෙ එක වෙලාවකදි, තවත් වෙලාවක මනසේ තත්ත්වයට සාපේක්ෂව නේද?

    ReplyDelete
  2. ම්.......ම්ම්ම් අනේ මන්දා මට නම් තෙරෙන්නෑ මේ ගැන හිතන්න ඔනේ පොඩ්ඩක්

    ReplyDelete
  3. වලිද? හපෝ කතා කරන්න එපා. ඔය කොල්ලොන්ට සමහර වෙලාවට කම්මැලි හිතුනාම අපි තමා බයිට් එක බොරුවට වලි දාගන්න. නපුරො.

    ReplyDelete
  4. කෙල්ලොන්ගේ හැටි එහෙමයි ඔවුවා ගනං ගන්න එපා බොල .ඔහොම තමයි ආදරේ ... එහෙනම් දැන් එයා ගර්ල් ෆ්‍රෙන්ඩ්ම උනා ඈ ..කෝ බොල පාටි ... උඹ කෙල්ලවත් දාගෙන වලිත් දාගෙන අපි දන්නේ නෑ තවම ...

    ReplyDelete