2011/03/31

මට ගාණක්වත් නෑ... ඔව් ඇත්තටම.

හාඩ් එකේ තැන තැන, දෙපාර තුන්පාර සේව් කරපු උඹේ ෆොටෝ... 
උඹ මාව අමතක කර තරම් ඉක්මනට එක ෆෝල්ඩරයකට දාන්ඩ බැරි උනත්... 
සති දෙකකට පස්සේ හරි ඒ ටික එකතු කරලා....
Shift+Delete ඔබනකොට මම දුකෙන් හිටියා කියලා උඹ හිතුවද?
එහෙනම් උඹට වැරදිලා... මට ගානක්වත් නෑ.

මොකද ළමයෝ ඇස්වල කඳුළු??
             නෑ අම්මේ කම්පියුටරේ දිහා බලන් ඉදලා වෙන්ඩ ඇති....

11 comments:

  1. බොක්කටම වැදුන සහෝදරය. උඹට ප්‍රශ්නයක් නම් ඕන දෙයක් මෙතන කියල දාන්න, අපි ඔබව තේරුම් ගන්නව අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  2. අනේ මන්දා බලන බලන තැන දුක.

    ReplyDelete
  3. පට්ට මචං. උපරිමයි.
    මතක් වුනා

    ReplyDelete
  4. ඒක තමයි ඔයාලගේ අම්ම මට දවසක් කීවේ ස්ක්‍රීන් ෆිල්ටර් එකක් අපේ කොල්ලට අරගෙන දෙන්න ඕන කියලා .

    Shift+Delete ගහලා මකපුවා උනත් රිකවර් කරන්න හැකියි බං . උඹට එහෙම කරන්න ඕනනම් කියපං අපි ඉන්නවා ඕන සප් එකකට .

    මැක්සා අයිඩියාව !

    ReplyDelete
  5. sirawatama mehema unada??adooo dukai ban...:(

    ReplyDelete
  6. ඇත්තටම දුක දැනුනේ නෑ කියලා කිව්වා නම් ඒක ඇත්තටම කියන්න පුලුවන් ලොකු බොරුවක් වෙනවා. ලියපු ටික නම් එලටම ලියලා තියෙනවා.

    ReplyDelete
  7. ලියපු ටිකනම් එලටම ලියලා තියෙනවා මචං..

    ReplyDelete
  8. @ සඳරු..රිකවර් කරන්න ඕනි නම් , මිත්‍යාගේ හිත රිකවර් කරන්න. මකපුව මොකටද ආයේ ආයෙ ගන්නේ...

    මකහන් ,මකහන් , ඔක්කම මකල දාහන්... මං වගේ , හීනෙකටවත් ගොඩ වෙන්න බැරි විදිහටම මකලම දාහන්...

    ReplyDelete
  9. ඔබට උරුම වු දුක එක් විටක මටද
    උරුම වුවද,සිතුවිලි පෙළ ගැස්විමට තරම්
    ආත්ම ශක්තියක් මට නැති බැවින්
    ඒ සිතුවිලි වලට මෙසේ අර්ථකථනයක් කරමි..
    තව සති දෙකකට පස්සේ හරි උඹ ඔය ෆොටෝ ටික මොන ලොකෙන් හරි රිකවර් කරලා හෙවුව්වේ නැත්තම්... ???????
    ඇත්තටම ව්ශිෂ්ටයි... :)

    ReplyDelete
  10. උබට ඒකිගෙ ෆොටෝස් හාඩ් එකෙන් ඩිලීට් කරන්න පුලුවන් වුනාට හාට් එකෙන් ඩිලීට් කරන්න බෑ නේද බන්...

    ReplyDelete