2011/04/21

අනේ උඹ මගේම වෙනවා නම්.....

මගේ අදහස් ගැළපෙන්නේ නෑ තමයි, 
ඒත් මම හිතුවා උඹ මට කැමති උනේ මගෙ ගැන දැනගෙන කියලා,
ජීවිතේට කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැති එක ගැන,
ඒ දවස් වල උඹ ආඩම්බරෙන් කතා කරාට,
උඹටත් තේරෙන්ඩ ඇති අන්තිමේට හරි ඒකට හේතුව. කමක් නෑ,
මට උඹව අමතක කරන්ඩනම් බැරිවෙයි,
ඒ උනාට මම චුට්ටක්වත් චුට්ටම චුට්ටක්වත් තරහා නෑ,
තාමත් මට හිතෙනවා උඹ මට ආයෙම හම්බවෙයි කියලා.
උඹට වැරදුන දවසක හරි කමක් නෑ, 
මම හොද පෙම්වතෙක් නෙමෙයි වෙන්ඩැති,
හොඳ ප්‍රේමවන්තයෝ තමන්ට හිමි නොවුනත්,
ආදරවන්තියොන්ට කවදාවත්ම නරකක් වෙන්ඩ එපා කියල කියනවලු නේ.
ඒ උනාට උඹට මොනවා උනත් කමක් නෑ,
අතක් කකුළක් නැතිව උනත්,
ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැතිව උනත්,
කවුරුත්ම උඹට කැමති නැති හින්දා උනත්,
කමක් නෑ..
උඹ මගේම වෙනවා නම්.....

5 comments:

  1. අනේ මන්ද බං මේ බ්ලොග් එක කියවන කොට දැං දැං දුක හිතෙනව. අවුලක් නැහැ ඇත්තටම උඔට ප්‍රශ්නයක් නම් හිත හැදෙන්න ටික කලක් යාවි. කාගෙන ඉදපං. තමංගෙ වාරෙ එනකං. ටික දවසක් ඉදල පොඩ්ඩක් ආයෙම කෙල්ලත් එක්ක කතා කරල බලන්න. ඔබට වගේම ඈටත් තනිකම දැනෙනව ඇති. සිරාවටම ඒකි උඹට ලව් කරා නම්. හැම දෙයක්ම ඉක්මනටම වෙනස් වෙනව. හැබැයි ඒකි උඹට අහිමි නම්, අහිමි උනු දේවල් ගැන සත පහක වත් ඇල්මක් තියාගන්න එපා. හැබැයි තමන්ට අහිම වුනු දේවල් ප්‍රමාණයෙන් තමන්ගෙ සාර්තකත්වය මනින්න පුරුදුවෙන්න. එතකොට තේරේවි අපට වෙන හැම දෙයක්ම වෙන්නෙ අපේම හොදට කියල. උඹ තාම ඒකිට ආදරේ නම් උඹේ අතිනුත් යම් කිසි අඩු පාඩුවක් ඒකිට වෙලා තියෙනවනම් සමාව අරගනින්. එතකොට අවසාන මොහොතෙදි මම සමාවවත් අරගත්තනෙ කියල හිතේ තියේවි. භය වෙන්නෙපා බං හිත කල බල කරගන්නත් එපා. ලව් කරනකොට ඔහොම වෙනව තමයි. මේ ලෝකෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දිහා බැලුවම ඕකත් ප්‍රශ්නයක්ද?

    ReplyDelete
  2. කියන්න ඕන ටික හිශාන් කියල තියෙන්නෙ. මට කියන්න තියෙන්නෙත් ඒකම තමයි. උඹට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමය කරපන්. එතකොට පස්සෙ දවසක හිත හදාගන්න පුලුවන් මම මගේ උපරිමය කලා කියල. ඒත් හරි යන්නෙ නැත්තන් ඉතින් බුදු සරණින් ඒක අමතක කරලම දාපන්.

    ReplyDelete
  3. හැමදේම හරි ගිහින් උඹ හිනාවේවා කියලා ප්‍රර්ථනා කරන්නම්...

    ReplyDelete
  4. අනේ මන්දා...... උඹ උඹේම වෙනවනම්

    ReplyDelete
  5. මුළු හිතින්ම ප්‍රාර්තනා කරන්න... කාලයට ඉඩ දෙන්න... හිශාන් කියන දේ ඇත්ත.. මමත් එකඟයි...

    ReplyDelete