2011/05/23

හදවත් දහසක් එක් කළ සහෘදයාගේ නික්ම යෑම...

සිංහලෙන් බ්ලොග් ලියන අයගෙන් මම වෙන්ඩ ඇති මේ ආරංචිය අන්තිමේට දැනගත්තේ. මගේ නිවාඩුව පුරාවට විනෝද වෙලා රට වටේ ඇවිදලා ඊයේ ගෙදර ආපු මට අද උදේ කම්පියුටරය ඔන් කරලා බ්ලොග් බලනකොට තේරුනා මොකක් හරි අදුරු වළාකුළක් හැමතැනම පැතිරිලා තියෙන බව. මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ මේ තරම් සංවේගජනක දෙයක් කියලා.
 බ්ලොග් අවකාශේ මතකයේ හිටපු පළවෙනිම රූපේ මැකිලා ගියත්, උඹ හින්දා මේ බ්ලොග් අවකාශය එක පවුලක් උනා. අපි හැමෝම මුළු හදවතින්ම උඹට ඇහෙන්ඩ ලැබෙන්ඩ කියලයි ප්‍රාර්ථනා කරේ. ඒත් කවදාවත්ම නොහිතපු විදිහට,,,,,  නෑ උඹ තාම අපිත් එක්ක ඉන්නවා. උඹ හින්දා එකතු උන මේ බ්ලොග් අවකාසෙ ආයෙමත් එකතු වෙන හැම වෙලාවකම දිලුම් කියන නම එහෙමත් නැත්තම් ඉලංදාරියා කියන නම හැමදාම හදවතේ රැව් දේවි....          

3 comments:

  1. ඔව් 21 එක තමා මරනෙ වැඩ කරේ. මම නම් ගියේ නැහැ. ඒ උනාට එයාගෙ මල්ලිගෙන් විස්තරේ දැන ගත්ත. කනේ ඔපරේෂන් එක කරන්න කලින් ටෙස්ටිං වගයක් මුලින්ම කරල තියෙනව. එත කොට මොළේ ගෙඩියක් තියෙනව කියල අහුවෙලා ඒක ඔපරේෂන් කරාට පස්සෙ තමා අමාරු වෙලා තියෙන්නෙ. දවස් දෙකක්ද කොහෙද ICU ඉදල තියෙනව. පස්සෙ තමා නැති වෙලා තියෙන්නෙ. හැබැයි සමහර විට ඒක සාර්ථක උනා නම් කනේ ඔපරේෂන් එකත් කරල එයාට ගොඩ එන්න තිබුන. මොනව කරන්නද ආයෙමත් ඒ වගේ හදවතක් තියෙන මිනිහෙක් අපට දකින්න නැති වේවි.

    ReplyDelete
  2. දවස් දෙකක් නෙවේ දවස් ගානක් දවස් 10 කට වැඩියි අයි සී යු :'( :'(

    ReplyDelete
  3. man danagaththe eeye! kandy giya welawaka YMBA pare poster wagayakin! :( ilandariya karapu wada tika issarahata geniyanna kauruth nadda? :(

    ReplyDelete