2011/06/24

විඳවපන් අඩපන් ඕනිමනම් මැරියන්, ඒත් ඔය නළලේ තියෙන එක නිසි තැන තියා ගනින්..

Drawing lesson එක වෙලාවේ.. 
හරියට බෝඩ් එකට ඇළෙව්වේ නැති A2 කොළේ හුලඟට යන හින්දයි
උඹට පෑන් එක ඕෆ් කරන්ඩ කිව්වේ..
ඒ වෙලාවේ ස්විච් එක ගාවින් ආපු උඹ මට කිව්ව වචන ටික මතකද??
ත්ක්.... මට බෑ...
හරි හරි මට තේරුණා උඹ ඒ වෙලාවේ අවුලකින් තමයි හිටියේ,
ඒ හින්දා තමයි උඹ එහෙම කිව්වේ කියන එක.
ඒ උනාට එදා ක්ලාස් එකේ මම විතරක් නෙමෙයි නේ හිටියේ,
තවත් ඇස් 12ක උඹේ ප්‍රතිචාරය ඇඳිලා තිබ්බා.
උඹ නාපු දවස් දෙකේ ලෙචර්ස් උඹට හම්බ උනේ නැත්තේ ඇයි කියලා
දැන්වත් තේරෙනවද?
මෙච්චර කාළයක් උඹ ඔළුවෙන් හිටියට කවුරුත් මොනවත් කිව්වේ නැත්තේ ඇයි කියලා
දැන්වත් තේරෙනවද?
ක්ලාස් එකට එනකොට ආපෝ...... කියල සද්දයක් ඇහෙන්ඩ හේතුව
දැන්වත් තේරෙනවද?
පංතියේ කොල්ලෝ 14ට හිටපු එකම කෙල්ල උනත් උඹ බොහෝම ආඩම්බරයෙන් හිටියේ කොහොමද කියලා,
දැන්වත් තේරෙනවද?

කාගෙවත් බණ මට වැඩක් නෑ. මගේ තරහ නිමෙනකම් මම මෙහෙමයි.
හිටපං ඉතින් දැන් ***** වගේ.


විඳවපන් අඩපන් ඕනිමනම් මැරියන්, 
ඒත් ඔය නළලේ තියෙන එක, නිසි තැන තියා ගනින්.

ප.ලි. මේකට කමෙන්ට් නැතත් මගේ තරහා හරි අඩුවෙයි කියලයි මේක පබ්ලිෂ් කරන්නේ.


12 comments:

  1. කූල් ඩවුන් මචං ...

    ReplyDelete
  2. හොඳටම තරහා අරන් වගෙයි..
    තරහ නිවේවි ඉක්මනින්ම..

    ReplyDelete
  3. බ්ලොග් එකේ ඕන තරම් බැනල ඇරපං. ඕන දෙයක් ලියපං. අනිවා තරහ බහිනව. අත්දැකීමෙන් කිව්වෙ.

    ReplyDelete
  4. කෙල්ලොත් එක්ක ඕනවට වඩා තරහ හිතේ තියන් ඉන්න එපා මචන්... අන්තිමට උඹම පෝස්ට් එකක් දායි ඒ කෙල්ලත් එක්ක උඹ යාලු වුනා කියල... :)

    ReplyDelete
  5. @සාතන්
    ඕව් බං අන්තිමට වෙන්න ඕක තමා :P

    ReplyDelete
  6. mala meka update wenawane..mama hithuwe nawaththala kiyala..

    ReplyDelete
  7. තරහින් උනත් අවංකව ලියලා තියෙනවා..

    ReplyDelete
  8. පව් බං

    ReplyDelete
  9. හ්ම්ම්... කොහොමහරි ඔයාගේ තරහා අඩු උනා නම් හොඳයි

    ReplyDelete
  10. සෑහෙන කාලයක්.... මිත්‍යාදෘෂ්ඨිකයා.... කෝ??? දැන් සම්‍යක්දෘෂ්ඨික වෙලා වත්ද?????

    ReplyDelete
  11. මොකද කේස් එක, ඔහොම කේන්ති ගන්න හොඳ නැහැ සහෝ ..

    ReplyDelete