එදා උඹ මාත් එක්ක,
මාළිඟාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දත්.
මට සමාවෙයන්, මගේ හිත තිබුනේ වෙන තැනක.
මාවත් ඇදගෙන එහාට මෙහාට දුවනකොට,
එදා මට හිතුනේ මේ මොන විකාරයක්ද කියලා.
උඹ හොදටම දන්නවා මම එහෙම හිතුවා කියලා. ඒත්
උඹේ තොරතෝංචියක් නැති කියවනකොට,
මට ඒ එක වචනයක් වත් ඇහුනේ නැති බව දැනගත්තම.
ඔය සුදු මූණ අමුතු උන හැටි මම දැක්කා. ඒත්
ඔය කථාව නතර උනේ නෑ නේ.
එහෙම උනාට ඊලඟ දවසෙත්,
උඹට ඕනි උනා මාත් එක්ක මාලිඟාවට යන්ඩ.
කළින් දවසේ වගේම මාව ඇදගෙන දිව්වට,
කන් දෙක පිරෙනකම් කියෙව්වට,
අනේ මන්දා මම හිරි වැටිලා වගේ අහගෙන හිටියා මිසක්,
තරහක් ඇති උනේ නෑ.
ඇත්තටම පාරේ යනකොට බිම බලාගෙන යන,
කවුරු හරි මොනවා හරි කිව්වොත් ඇස් රතු කරගන්න,
උඹ මේ තරම් කතා කරනවා
මට කවදාවත් දැනිලා නෑ.
මම උඹේ පපුවේ තියෙන උපන්ලපය දිහා බලන් හිටියේ,
ඔය දිළිසෙන ඇස් මඟ අරින්න විතරමයි.
ඒ පැය දෙක මේ තරම් වෙනසක් කරයි කියලා,
නිකමටවත් හිතුන නම්...
මම කීයටවත් උඹත් එක්ක ඒ පැය දෙක ඉන්නේ නෑ.
ඒ කළින් ආදරේ ඉවරයි කියලා,
හිතන්ඩ තිබ්බ ලෝභ කමටද?
ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැඳිරි එලියටත් බය හින්ද ද?
කියන්ඩ නම් මම දන්නේ නෑ.
කොහොම හරි ආයෙත්,
මාස ගාණකට පස්සේ,
මම ආයෙත් යටි තොලේ වම් කොණ හපාගෙන,
තනියම හිනාවෙනවා. ඒ වෙලාවට අම්මත් පුරුදු විදිහට,
"මොකද ළමයෝ තනියම හිනා වෙන්නේ??"
නංගී: "අම්මේ බලන්ඩකෝ අයියගේ මූණ..."
තාත්තා: "පොඩීට ඇයි දන්නේ නෑ රැවුල කපන්ඩ හිතුනේ??"
කිරි අම්මා: "පුතේ හැමදාම හිනාවෙලා හිටපන්, උඹට දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි,
ඒත් පුතේ ලෝකේ හැමදාම, හිනාව කියන්නේ කදුළේ පටන් ගැන්මටයි,"

දුක තුළ තියෙන සතුටත් සතුට තුළ තියෙනදුකත් අපි හැමදාම හොයනවා
ReplyDeleteසිනහ නැඟේ කඳුල නැඟේ එයයි ජීවිතේ !
ReplyDeleteඅලුත් සතුටක් ආපු බව නිකමටවත් මට කීවද මචෝ ? නෑ නේද ?
ම්ම්ම් සුබපැතුම් සහෝ.....
ReplyDelete