ඇත්තටම මේ ලිපියේ පදනම මම ම තමයි. මම කිව්වේ මගේ ආදර කතාව,
පොඩි වලියකට පස්සේ තමයි මට මේහෙම හිතුනේ.. ඔන්න ඉතින් දිග නිවාඩුවක් අරගෙන පෝස්ට් එකක් දාන්නයි යන්නේ.... ඔන්න එහෙනම් කියවන්නකෝ මට හිතුන දේ.
මම ගැන කියලා ඉන්න ඕනි ඉස්සෙල්ලාම..
ඇත්තටම කිව්වොත් මම කියන්නේ මේ ලෝකේ කිසිම කෙල්ලෙක් තමන්ගේ පෙම්වතා කරගන්න කැමති වෙන්නේ නැති විදිහේ චරිතයක්. නමුත් අවාසනාවට එක කෙල්ලෙක් මට කැමති වෙලා. ඒක ඇත්තටමද බොරුවටද කියලා මම තවම දන්නේ නෑ. ගොඩාක් වෙලාවට මට දැනගන්න ඕනිත් නෑ. මොකද මට පුලුවන් රැවටෙන එකත් කලාවක් කරගන්න. නමුත් හිටපු ගමන්ම මම මාර අවංක වෙන්න යනවා.
ඉතින් එතකොට තමයි වැඩේ කෙළවෙන්නේ. මම බොරුවෙන් ජීවත් වෙනකම් හැමෝම මට කැමතියි, ඒ උනාට මම අවංක උනාම කිසිම කෙනෙක් මට කැමති නෑ. තවත් එකක්, මම දෙයක් වැරදුනාට පස්සේ තමයි තර්කානුකූලව ඒ දේ ගැන හිතන්නේ. ඉතින් මම හැම දේ ගැනම තර්කානුකූලව හිතනවා, කියපු එක තේරුනානේ? ඒ කියන්නේ මට හැම දේම වරදිනවා.
ඉතින් ඔයාලට හිතෙන්න පුලුවන් මේ මම මොනාද ලියන්නේ කියලා, එහෙනම් අපි අපේ කතාවට එන්ටර් වෙමුකෝ. මම ටිකක් දරුණු කතාවක් එයාට කිව්වා සිකුරාදා, ඒකේ ප්‍රතිඵලය උනේ එදායින් පස්සේ අපි දෙන්නගේ කෙටි පනිවිඩ ක්‍රියාවලියට කොමාවක් වැටුන එක. මම දැන් මේ කියන්න යන්නේ සමස්ථ වශයෙන්ම ගත්තොත් ඒ විරාමය තුල මගේ හිත දුවපු ඉසව් ගැන කිව්වොත් හරිමත් නෑ. නමුත් 75% විතර හරි.
ඉහත සදහන් අවස්තාවත් මට වැරදුන තැනක්නේ, ඉතින් මම කල්පනා කලා කොහොමද අපේ සම්බන්දය වෙලාවකට ලෝදිය වගේ උණුවටත්, තවත් වෙලාවකට අයිස් වගේ සීතලටත් පත් වෙන්නේ කොහොමද? මගේ වචන වලින් කියලා. ඔන්න එතකොට තමයි මට ඇහුනේ අපේ මාමා කියනවා
"බල්ලට අර ඔපරේෂන් එකවත් කරානම් හරි, නැත්නම් මේකා ගෙදර තියාගන්න හම්බවෙන්නේ නෑ කියලා"
යකෝ මොකක්ද ඒ වැඩේ තේරුම, මට හිතුනා මාමටත් ඒ ඔපරේෂන් එක කරලා බලන්න. ඒත් තේරුමක් නෑ පොර දැනටමත් කරගෙන ඉන්නේ කියලා මට හිතුනා. අයියෝ ආයෙත් ට්‍රැක් පැන්නනේ.
ඔන්න එතකොට තමයි මට හිතුනේ අපිටත් එහෙමම කරානම් මේ ප්‍රශ්න වලින් භාගයක් විසදෙනවා කියලා. මොකද ඔය හෝමෝන දෙක හින්ද අපි මොන තරම් කට්ටක් කනවද? බල්ලටනම් ටික කාලයයි ඒ උනාට අපිට එහෙමද?? ඉතින් මට තවත් ප්‍රශ්නයක් මොකක්ද දන්නවද? ඇත්තටම මේ වගේ අපේ හැඟීම් නැති කලොත් අපිටත් අපි ඉගෙන ගෙන තියන නිර්වාණය කියන එක ලඟාකරගන්න පුලුවන්ද? මම ඕක ගැනත් කල්පනා කලා, ඔන්න මිනිත්තුවෙන් ආවා උත්තරේ මොකක්ද දන්නවද කොහෙත්ම බෑ... කියන එක තමයි උත්තරේ
ඒකට හේතු දක්වන්නම් වෙන පෝස්ට් එකකින්,මොකද මම දැන් කියන්නේවෙන මාතෘකාවක් ගැනනේ..
ඇත්තටම මට මේක තවම ප්‍රශ්නයක් ඔය හෝමෝන දෙක නැති උනොත් ඇත්තටම අපිට කෙනෙක්ට ආදරය කරන්න හිතෙන්නෙම නැති වෙයිද?? ප්‍රායෝගිකව කරලා බලන්නයැ මොකද උත්තරේ ඕනි උනාට. ඉතින් මම මේ ගැන ටිකක් දන්න කියන කෙනෙක් එක්ක කතා කරලා පෝස්ට් එකක් දාන එක හොදයි කියලා මට හිතෙනවා. කොහොම උනත් මට දැනට තේරුම් ගියපු දේ තමයි ඔය හෝමෝන දෙක මුහුදක්නම්, ආදරය කියන්නේ ඔය මුහුදෙන් වතුර අරන් ලේවායක හදන ලුනු දාලා ගෙදරක හදන කරියක් වගේ කියන එක. මට හොදටම තේරුම් ගන්න පුලුවන් දැනට එච්චරයි.
ප.ලි.
මේ පෝස්ට් එක දැම්මේ ලිව්ව හින්දා, මට මේක අසම්පූර්ණයි වගේ දැනුනට ඒක සම්පූරණ කරන්න තේරෙන්නේ නෑ. නමුත් මේකත් අවුලක්ම නෑ කියලා හිතුන හින්දා ඔන්න මම මේක දානවා. කියවලා බලලා ඔයාලට හිතෙන දේ කියන්නකෝ..
නූගත් කොල්ලෙක් විදිහට මට ඔය හෝමෝන ගැන ඒතරම් දැනීමක් නෑ . ඒත් මම දන්නවා . අපේ ඇඟ ඇතුලේ කාමය කියන යක්‍ෂ සිති විල්ල ඇතිකරන්නේ ඔය හෝමෝන කියලා ..
ReplyDeleteකාමය යනු සිඟා කෑ දෙයක් වගේ. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් වගේ . යාළුවෙක්ගෙන් ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දෙන්න ඕන .කාමයෙන් ලැබෙන ආශ්වාදය ද ඒව්ගේ.
තව දෙයක් කියන්න ඕන ඔබ වගේ අමුතු බ්ලොග් ලියන්නෙක් . මම කවදාවත් දැකලා නෑ . සිතුම් පැතුම් හරිම අමුතුයි ඔබගේ . මම සැබෑ ජීවිතයේදී අඳුරන මිත්‍යාදුෂ්ඨිකයා නෙවෙයි මේ ..
සුපිරි පෝස්ට් එක
ජයවේවා !!
මට ඔය ගැන හිතිලා තියෙනවා. සමහර වෙලාවට යාළුවොත් තර්කත් කරනවා. ඒත් තාම මට හරි උත්තරයක් හම්බවෙලා නැති ප්‍රශ්නයක් ඕක. කොහොම උනත් ඔයා වගේ වෙනස් විදියට හිතන යාළුවෙක් හඳුනාගැනීම සතුටක්.
ReplyDeleteහෝමෝන අපේ වයසත් එක්ක අපි සිතන පතන විදිහ සහ අපගේ කායික දේවල් වෙනස් කරනව. නමුත් ඒව අපේ සිත පාලනය කරන්නෙ නෑ. අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕන හිතට එන හැඟීමක් ක්‍රියාත්මක කරන්න කලින් එයින් වන පළවිපාක තේරුම් ගන්න. එයින් කාටවත් අයහපතක් වෙන්නෙ නැත්නම්(තමන්ද ඇතුලත්) ඒ දේ කරන්නත්, අයහපතක් වෙනව නම් නොකර ඉන්නත් පුලුවන් වෙන්න ඕන. එහෙම කල්පනා කරල වැඩ කරනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.එහෙම නැතුව කවුරුහරි හිතට එන එන දේවල් ක්‍රියාත්මක කරන්න ගියොත් නම් එයාට ඉක්මනටම සොරි.කොම් තමයි
ReplyDeleteඅදම තමයි උඹේ බ්ලොගට ගොඩවැදුණේ... ඉදිරියෙදි දිගටම ගොඩවදියි :D අපි හිතන හැමදේම හරි වෙන්න ඕන කියල නීතියක් නැති නිසා කාටවත් කරදරයක් නොවී හිතන එක මනුස්සයෙක් විධියට සෑහෙන්න හොඳ දෙයක්. ඒව හරිද වැරදිද කියන එකට වඩා ඒකෙන් අපි තේරුම් අරන් එකතුකරගන්න දේවල් තමයි නේද වැදගත්. ආදරේ ගැන වුණත් චොකලට් කතාම ලියන ගොඩක් දෙනා අතරෙ මෙහෙම වෙනස් විධියකට ඒකෙන් කැල්ලක් අරන් ඒ ගැන හිතල අපි එක්ක බෙදාගත්තු එක මාර වටිනවා.
ReplyDeleteමමත් ජීව විද්‍යාව ගැන දන්න මගුලක් නෑ. නමුත් අර කිව්ව වගේ නිරිවාණය හෝ විමුක්තිය කියන්නෙ ඒකට අදාල දෙයක් නෙවෙයි කියලයි මටත් හිතෙන්නේ. අපි තේරුම්ගත යුත්තෙ මොකක්ද කියල නොදැක/නොදැන ඒක තේරුම්ගන්න බෑ වගේ හැඟීම් නැති කලා කියල උවමනාවල් නැති වෙන එකක් නෑ.
අනික මිනිස්සු මිනිස්සු වෙලා තියෙන්නෙ ඔය හැඟීම් නිසා... ඒ නිසා ඒව තියෙන එක මාර වටිනවා නැති වෙනවට වඩා නේද? :D
අසම්පූර්ණයි. මාත් තව පොඩි අසම්පූර්ණ කෑල්ලක් එකතු කරන්නම්..
ReplyDeleteපොඩි වැරැද්දක් දැක්ක.. ඒක චතුරංග හරිගස්සල තිබුණා./*නමුත් ඒව අපේ සිත පාලනය කරන්නෙ නෑ.*/
මමත් දන්නා ජීව විද්‍යාවක් නම් නෑ. ඒත් හෝර්මෝන අපේ හිතට බලපාන ප්‍රතිශතය අඩුයි කියල කියන්න ඕන. ඇඟට දැනෙන දේ සිතුවිල්ලක් වගේ හිතෙන් එලියට එනවා..මම නෑ කියන්නේ නෑ.ඒත් ඒක හෝර්මෝන දෙක නැති උනොත් ආදරේ කරන්න නොහිතෙන තරම් බරපතල වෙයි කියල මට හිතෙන්නේ නෑ..
අනික, ආදරේ.., අර මුහුදෙන් අච්චර දුරස් කරන්න එපා. ඒ මුහුද හින්ද, ඒ මුහුදෙන්, ආදරේ හැදෙනවා ඇති.. ඒ වගේම ආදරේට තනිවම මුහුදක් හදන්නත් පුළුවන් කියල හිතෙනවා. ඒක ඒ ඒ අවස්ථාවේ හැටියට වෙනස් වෙනවා කියලයි මම හිතන්නේ..හැමදෙයක්ම වගේ...
"හිස් අහස" දීල තියන අදහස මම සම්පූර්නයෙන්ම අනුමත කරනවා . අපේ ඇඟ ඇතුලේ ඇතිවෙන හැඟීම් මනස විකෘත්තිවීම මේ හැම දේකටම හෝමෝන කෙලින්ම බලපෑමක් ඇතිකරනවා .
ReplyDeleteහෝමෝන සිරුරේ වැඩියෙන් නිපදවෙන පුද්ගලයා ඉබේටම වනචරයෙක් වෙනවා .මධයම ප්‍රමානයට හෝමෝන නිපදවෙන පුද්ගලයා . සාමානය පුද්ගලයෙක් වෙනවා , හෝමෝන අඩුවෙන් නිපදවෙන පුද්ගලයාට
සොරි ඩොඩ් කොම්
ආදරය සහ ලිංගිකත්වය කියන්නෙ සම්ම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. ඒ දෙකම අවශ්‍යයි. නමුත් මම හිතන්නෙ මූලිකත්වය දෙන්න ඕන ආදරයට. එහෙම නොවුනම තමා ප්‍රශ්න ඇති වෙන්නෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම ඒ අදහසට එහෙමත් නැත්නම් මිත්‍යාදෘශ්ටිකයා කිව් ආදරය කියලා ඇති ඉලව්වක් නැති එකට විරුද්ධයි...ආදරයයි..කාමය යි දෙක දෙකක්... කොටින්ම ආදරයක් මත මිසක් කාමය මත ආදරයක් ඇති වෙන්නේ නැ... අනික ආදරය එක පාර්ශවයකට විතරක් බෙදන්න එපා..ආදරය කියන්නේ සිනි බොල කෙල්ලන්ගේ කොල්ලන්ගේ කතාවක්ම නෙමේ..ආදරය මත ඇතිවුන හැගිම නිසයි අද ඔයා උනත් ඇස් දෙකකින් ලෝකය දකින්නේ.. කාමය මත ඇති වුන ඔය කියන දේ නම් එ කාමය මත එලිය ට එන ජිවියෝ එක්කෝ නවතින්නේ ඇබෝශන් වල ..එහෙමත් නැත්නම් කාණු වලවල් වල ..
ReplyDeleteආදරේ කියල දෙයක් තියෙනව..කාමය ,රාගය ඔය කොයි ජාති වලින් කිවත් එ හැමදේම බන්දනය කරලා ආදරය ම විතරක් තියෙන දෙවල් හුගාක් මේ ලෝකේ තියෙනව ඇස් ඇරලා බැලුවොත්...සමහර විට ඔය තම සැබැ ආදරයක් විදලවත් දැකලවත් නැතුව ඇති එහෙනම් යාලු...
@නිම්ශා: මම ඔයාට එකඟයි...
ReplyDeleteනැහැ ආදරේ ඒ හොමොන දෙක අතර සම්බන්ධයකින් තොරව සිතිවිලි හරහා ඇති වන දෙයක්
ReplyDeletesudu hansi kiyana de waradie!adare kiyanne jeewa vidyathmaka siddiyak! eeka kehemmal sithuwillak nisa athi wena deyak nemei!
ReplyDeleteman methanadi kiyanna kellek & kollek athara athiwana adare! eeka sex walata ee couple 1 yomu kirima sandaha athiwana purwa siddiyak!
eeka athi wenne hormone nisa thamai! naththan kohomada 1 paratama 8,9 geades wala inna kollo kello love karanna ganne!
unta 1 paratama ehema sithuwillak awe kohomada?
aththa therun ganna sudu hansi! :)
adare athi wenne HORMONE nisa! sithuwillak kara ganne adare karana aya! :)
දාලතියෙන කොමෙන්ටු කියවන්න කලින් මේ කියන්නෙ..
ReplyDeleteඔය හෝර්මෝන 2 අපිට නැතිවුනොත් ඒක බරපතල ගැටලුවක්නෙ.. මොකද ඕවා අපිට සොබාදහමින් දීල තියෙන්නෙ වර්ගයා බෝ කරන්න තියෙන අවශඃතාව නිසානෙ..
ඒත් ඉතිං එහෙම්මම නොහිත__ මොකද අපි හැගීම් ඇතිවන සත්ව කොට්ඨාශයක් විදියට ඒ (ආදරය) ගැන අනිවා හිතන්න වෙනව.. [මේ මට හිතෙන හැටි ඕං]
මේ කොමෙන්ටු කියෙවට පස්සෙ මට හිතුනෙ...
ආදරය ගැන ගැහැනු අය දකින විදියට වඩා හාත්පසින්ම වෙනස් ව්දියකට තමයි පිරිමි අය දකින්නෙ...(ඒක විග්‍රහ කරන්න නම් මට තේරෙන්නෑ)
අමතක කරන්න එපා එදා වදුරෙක් වෙලා උන්නු අපිත් මේ වගේ බ්ලොග් පොස්ට් එක් ලියන්නෙ, නැත්නම් ඒකට කමෙන්ටුවක් දානෙත් ඔය හොර්මොන දෙක නිසා විත්තිය... :)
ReplyDelete@නිමේශා අක්කා.. අදරයයි කාමයි කියන්නෙ අරටුවයි එළයි වගේ දෙයක්. ආදරය කියන්නෙ අරටුවනම්, එලය කියන්නෙ රාගය. :) වැඩේ කියන්නෙ සමහරක්ට පේන්නෙ ගහේ අරටුව කරන සේවය විත්‍රයි. :)