මම මේ දවස් වල පෝස්ට් දාන්නේ ආදරය ගැනමයි නේද? මම සමාව ඉල්ලනවා ඒ ගැන, නමුත් මගේ ඔලුවේ වැඩිපුර වැඩ කරන දෙයක් ගැන කියන එක වඩා හොද කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා ඔන්න ටික දවසකට පස්සේ මගෙන් අලුත් පෝස්ට් එකක්.
අද මෙන්න මේ වගේ දෙයක් උනා මට, මම අද මගේ ගෑණුළමයට ගත්තා දුරකතන ඇමතුමක්. ඉතින් ඔය කතාව කෙරීගෙන ගියා බොහොම ලස්සනට සුමුදුවට මෘදුවට කෙරීගෙන ගියා. ඔන්න එයා කලින් දවසක් ඇදලා ගත්තා. වලියකට මුල පිරෙන්න යන බව මට තේරුනා. ඔන්න එතකොට එයා දැම්මා මෙහෙම දෙබසක් මැදට
"අයියෝ අයියා ඔය තරම් emotional වෙන්න එපා"
ඕක කිව්වේ මම කලින් දවසක එයාගේ නම්බර් බිසී උන වෙලාවක මම ඒකට කියපු ඇනුම් පදයක් හින්දා. ඇත්තටම් කිව්වොත් මම එදා එහෙම කිව්වේ නිකම් මම එයා ගැන අවදියෙන් ඉන්න බව පෙන්නන්නත් එක්ක. ඇත්තටම කිව්වොත් ඒක කිව්වට විනාඩි 2කට පස්සේ ඒ ගැන ඇහුවත් මතක නැති වෙන තරම් නොවැදගත් දෙයක් මටනම් ඒක.
ආ.. ඉතින් ඔය දෙබස එයා දැම්ම වෙලාවෙනම් මට පොඩ්ඩක් හිනා ගියා, මොකද මම ගැන දන්නේ මමනේ. කොහොම උනත් මම තීරණය කලා මම මේ තරම් කාලයක් රඟපාපු චරිතය ඒ වෙලාවෙම ඉවර කරලා දාන්න, මම ඒක කල්පනා කරලා ගත්ත තීරණයක්.
මම ඉතින් බොළඳයිනේ මම තීරණය කලා එයාට පොඩි පාඩමක් උගන්නන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ.
සාමාන්‍යයෙන් ආදරේදි කොල්ලෝ සහ කෙල්ලෝ යන දෙවර්ගයම ටිකක් බොලඳයි. නමුත් ඔතනදී අනිත් කෙනාව යට කරන්න කැමති කෙනා දාන පල්ම ටෝක් එක තමයි ඔය තරම් බොලඳ වෙන්න එපා කියන එක. (මටනම් ඒක කිව්වේ උඩ තිබුන විදිහට) එතකොට අනිත් කෙනාට පොඩ්ඩක් ලැජ්ජා හිතෙනවානේ, ඉතින් එයාගේ හිතේ නිරුත්සාහයෙන්ම අදහසක් ඇතිවෙනවා මම වගේ නෙමෙයි එයාට හොදට මොලේ තියෙනවා කියන එක.ඒ වගේම ඔතනදී කෙනෙකුට හිතෙන්න පුලුවන් අපරාදේ මම බොලඳ උනේ කියලා
නමුත් එහෙම කෙනෙක් යම් හැඟීමකට ගරහනවනම් එයාට කියලා දෙන්නම වෙනවා ඇයි මම එහෙම උනේ කියන එක.
ඉතින් මමත් ඒක කියලා දුන්නා මේ විදිහට
සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හැඟීම් දැනෙන්නේ කායික අවශ්‍යතාවයන් එක්ක, එතකොට මිනිස්සු එක එක පිස්සු වැඩ කරනවා. (මමනම් ඒ කිසිම වැඩක් පිස්සු කියලා හිතන්නේ නෑ). ඔන්න ඔතනදී තමයි මිනිහෙක් බොලඳ වෙනවා කියන කතාව ඇත්ත වෙන්නේ. නමුත් ඇත්තටම එහෙම වෙන එක වැරදිද? එහෙම කිසිම හැඟීමක් සඟවන්න ඕනි නෑ. බොලඳ වෙන්න එපා නම් ඇයි අනිත් හැඟීම් වලටත් ඉඩ දෙන්නේ? ඒවත් නවත්වන්න පුලුවන් නේ.
නමුත් ඒවාට තමයි ජීවිතය කියන්නේ.. හැඟීම් මතින් ගොඩනඟන හීනයක් තමයි අපේ මේ ජීවිතය. නැත්නම් ඉතින් ඕක දිහා විද්‍යානුකූලව බලලා මේ හැම දෙයක්ම අස්තීරයි කියන කෙනෙක් එක්ක ජීවිතයම ගෙවන්න ඔය පන්ඩිතයෝ කාටවත්ම පුලුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න එහෙම හිතනවානම් ඒක තමයි තියෙන ලොකුම නොදැනුවත්කම. මිනිස්සුනේ අපි තවම. යශෝදරා දේවිය සිදුහත් කුමාරයාටත් කියන්න ඇති ආදරේ කරනකොට ඔහොම, නමුත් සිදුහත් කුමාරයා බුදු උනහම මොකද උනේ??
මමනම් තවම හරියටම සංසාර ගමනක් ගැන තවම දන්නේ නෑ, නමුත් අපි වැඩිය හිතන්නේ නැති උනාට අපි වගේ හැම මිනිහම ඔය හැඟීම් රසවිදිනවා. අවබෝදයක් ඇතිව හෝ නැතිව, නමුත් ඒක ගැන අවබෝඳයක් තියෙන කෙනාට වඩා නැති කෙනාට දැනෙන රසය වැඩියි.ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ? ඉතින් කල්පනා කරලා බලපුවහම මට හිතුනේ එයා කියපු කතාවත් ඇත්ත එයාගේ මට්ටමට සාපේක්ෂව. අන්තිමේට මටම තේරුනා මම කියන්න ආපු දේ එතනමයි කියලා. එතකොට තමයි මට මේ සින්දුව මතක් උනේ.
මම ඔබ නොවන තුරු.. ඔබ මා නොවන තුරු..
ඔබ ඔබමදැයි,, මම මමම දැයි,,
සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ.....
..අපි අපි වගේ..
------------------------------- ප.ලි.
මට අන්තිමේට හිතුනා මට ඒ කතාව පටන් ගත්තේ නැතිව ඉන්න තිබුනේ කියලා, නමුත් මට බොලඳයි කියපු එයාම මට බොලඳ කතා කියන්න පටන් ගත්තේ ඔය රවුම කැරකුනාට පස්සේ. ඒ කියන්නේ එයා ඉස්සරට වඩා මට ආදරෙයි ලු, තව ජාති ගොඩාක් කිව්වා. එයාට මම කියපු දේ තේරුණාද කියන එක නම් මට තවම ප්‍රශ්නයක්. අවසානයේ මම අද උදේ හිටපු විදිහටම අද දවස අවසන් කරනවා. නමුත් අද එයා කොහොම උනත් මම දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි මොනම වෙලාවක උනත් කෙනෙක් කරන දෙයකට ඔහුට සාපේක්ෂව සාඳාරණ හේතුවක් තියෙනවා, ඒක බුදු හාමුදුරුවොන්ගේ ඉදලා දේවදත්ත දක්වා පොදු කාරණයක්.
බුද්ධියෙන්ම ආදරය කරන්න ගියත් වරදිනවා. හැඟීම් වලටම වහල් වෙලා බොළඳම විදියට ආදරය කරන්න ගියත් වරදිනවා කියලයි මට නම් හිතෙන්නේ.ඔය දෙකම ගානට තිබුනාම හොඳයි.
ReplyDeleteමල්ලී, ඔයා පොඩ්ඩක් පටලවගෙන වගේ,"යශෝදරා දේවිය සිදුහත් කුමාරයාටත් කියන්න ඇති ආදරේ කරනකොට ඔහොම, නමුත් සිදුහත් කුමාරයා බුදු උනහම මොකද උනේ??" කියල ඔයා අහනවනෙ මම මම මෙතනින් පටන්ගන්නම්, මම ඔයාට කලිනුත් කියල ඇති ආදරය ආකාර දෙකකට තියන බව පළවෙනි එක "ලෞකික ආදරය" සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගතකරන අපි වගේ මිනිස්සු තුල ඇතිවෙන්නෙ මේ ආදරය. මේක බැඳීම් සහ ආශාවන් සහිතයි. ඉතින් ඒනිසාම දුක ඇතිවෙනව. ඒ වගේම අපි එකිනෙකාට දක්වන ආදරය වෙනස්. අපි මවට දක්වන ආදරයයි පෙම්වතියකට හෝ සහෝදරියකට නැත්නම් සහෝදරයෙකුට දක්වන්නෙ එකිනෙකට වෙනස් විදිහේ ආදරයක්. ඒවගේම අපි කෙනෙකුට ආදරය කරන්නෙ යමක් බලාපොරොත්තුවෙන්(ආදරය හෝ වෙනත් දෙයක්). නමුත් බුදුරජාණන් වහන්සේ ලොව සිටින සියලුම සතුන්ට දැක්වූයේ එකම විදිහේ ආදරයක්. තම බිරිඳ වූ යසෝදරාවටත්, රාහුල කුමරුටත්, කුණු කානුවේ සිටි සුනීතටත් එකම විදිහටයි ආදරය දැක්වූයේ. උන් වහන්සේ ඒ කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු උනෙත් නෑ. ඒ වගේම ඒ කිසිම කෙනෙක් සමග බැඳීමක් ඇතිකරගත්තෙත් නෑ. උන් වහන්සේ ධර්මය දේශනා කරල මිනිසුන් විශාල ප්‍රමාණයක් නිවන් දකින්න ඇති. ඒක තමා කෙනෙකුට දෙනවනම් දෙන්න පුලුවන් වටිනාම දේ. ඒකෙන් කෙනෙක්ව සදහටම දුකින් නිදහස් කරන්න පුලුවන්. බුදුරජාණන් වහන්සේ තම බිරිඳටයි, දරුවටයි ඒක දුන්නෙ නැද්ද ? සිදුහත් කුමාරයා ගිහිගෙය හැරයාමෙන් මේ ලෝකයට උනේ යහපතක් නෙමෙයිද ? මේ ලෝකයේ තියන උත්තරීතර ම ආදරය තිබුණෙ උන් වහන්සේ ලඟ. ඒක තමයි "අධ්‍යාත්මික ආදරය". උන් වහන්සේගේ චරිතයට අභියෝග කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙ කවදාවත් පහල වෙන්නෙ නෑ. ඒක එතනින් ඉවරයි කියමුකො දැන් ඔයාගෙ ප්‍රශ්නය, ඒකට උත්තරේ උඩ තියනව. ඒත් මම සරලව කියන්නම්. "කිසිම කෙනෙකුට කිසිම දේකට ආස කරන්න එපා. ආදරය කරන්න." මේක 100% කරන්න පුලුවන් නම් ඔයා රහත් වෙනව. මම කියන්නෙ නෑ රහත් වෙන්න කියල. අඩුගානෙ පුලුවන් තරම් ඒ විදිහට ජීවත් වෙන්න(බය වෙන්න දෙයක් නෑ ගිහිගෙය කලකිරෙන්නෙ නෑ). එතකොට ඔයාට ඔය ප්‍රශන වලට උත්තර නිකන්ම ලැබේවි. ඒ වගේම කවදහරි ඔයා ආදරය කරන කෙනත් එක්ක අතිසාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්. මේක මගේ සිතුවිල්ලක් උනාට මගේ කරුණු නෙමෙයි.
ReplyDeleteමම හිතන්නේ බුදු හාමුදුරුවෝ සහ සිදුහත් කුමාරයා කියන්නේ චරිත දෙකක්. සිදුහත් කුමාරයා යශෝදරා දේවිය විවාහ කරගත්තේ බුදුවෙන්න කලින් නේ. අනිත් කාරණය තමයි මේ ලෝකේ කිසිම මිනිහෙක් නෑ රාගයෙන් තොර ආදරය කරන. එහෙම කියන්න පුලුවන් ඕනි කෙනෙක්ට. නමුත් කරන්නයි බැරි...
ReplyDeleteඉතිහාසය වර්තමානය සහ අනාගතය කියන අපිට හිතාගන්න පුළුවන් හැම තැනකදිම ආදරේ කියන්නෙ එකම විධියට දැණුනු දැණෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඔයා මේ පෝස්ට් එකට පස්සෙ දාපු එකේ කියවෙන විධියට ඒක අදාල කාලෙ ආවම ඇතිවෙන උවමනාවල් සපුරාගැනීම වෙනුවෙන් සංස්කෘතික මිනිසා අතරෙ බිහිවුණ සංස්කෘතික අංගයක්. ඒක ඇතුලෙ ඔය සිරා කතා වගේම සිම්පල් බොළඳ (කියල කියන) කතා සියල්ලම තිබුණෙ නැත්තං ඒක පවත්වගන්න අමාරුයි.
ReplyDeleteනියම පෝස්ට් එක!