2011/03/03

උඹ දාපු ගල් බෝරය..

මීට මාස හයකට කලින් අවුරුදු ගානක් තිස්සේ මම ප්‍රවේශමෙන්
 ටික ටික ගල් කරගත්ත මගේ හදවතට උඹ රිංගලා...
මටත් නොදැනීම ටිකින් ටික ඒක චීස් කෑල්ලක් තරමටම
මෘදු කරාට පස්සේ..
ඒකේ මැදටම ගල් බෝරයක් දැම්මම මොනවා වෙයිද කියලා.,
උඹට නිකමටවත් හිතුනේ නැත්ද??

මගේ ආ......ද....ර.....ය.

රැල්ල මොන තරම් සැරෙන් වැදුනත් වෙරළ මුහුදත් එක්ක අමනාප වෙනවද?
වලාකුළු මොන තරම් හඳ ඉස්සරහට ගෙනාවත් හද අහසත් එක්ක අමනාප වෙනවද?
මියුරුසර නගනකොට වීණාවට මොන තරම් වේදනාවක් තිබ්බත් වීණාව මියුරුසර එක්ක අමනාප වෙනවද?
ඒ උනාට උඹ....................................................???





2011/02/28

ආදරේ, බොරුව සහ නාඩගම...

උඹේ ඔය ඇස් දෙකට, නහයට,
ලස්සන තොල් පෙති වලට, වල ගැහෙන රෝස පාට කම්මුල් වලට.
ඇතිඋන ආසාවට, කැමැත්තට.
 අවුරුදු 5ක් උබව අමතක නොකර,
 හිතේ පැත්තකින් තියාගත්තට...
 උඹේ කැමැත්ත මට හම්බ උනාට පස්සේ,
 මම උඹට ආදරය කරන්ඩ පටන් ගත්තට පස්සේ,
 මාව අවුස්සන්න දාහක් ජාති කිව්වත්,
 මම උඹේ හැම දේකටම වඩා ආදරේ.,
උඹේ ඔය නිර්මාණශීලී බොරු වලට.
එව්වා ඇත්ත කරන්න උඹ නටන නාඩගම් වලට...

2011/02/07

අදින් පස්සේ මට හඳ එපා, මගේම කියළා කණාමැදිරියෙක් හොදටෝම ඇති.,

රෑ 12 වෙනකම් බලාගෙන හිටියේ කොහෙවත් කහන හින්දා නෙමෙයි...
උඹ පාඩම් කරලා ඉවර වෙනකම්.
දවල්ට මැසේජ් කලොත් අම්මට අහු වෙලා...
උඹව මරයි කියලා මගේ හිතේ තිබ්බ බය හින්දා.
බොහොම ස්තුතියි කරපු උදව්වට,
උඹේ වචන කීපෙට පින්සිද්ද වෙන්න මගේ කැහිල්ල නතර උණා.
"කරදර කරන්න එපා මට නිදිමතයි මම නිදාගන්නවා...."
නෑ ඇත්ත තමයි, 
මම මගේ මොන වැඩේ තිබ්බත්,
උඹ කතා කරන වෙලාවට කතා කරන්නේ..
මට වැඩ නැතිව නෙමෙයි.
කථා කරන්න කෙල්ලෝ නැතිවත් නෙමෙයි.
මගේ හිත් අහස සරසන හඳ උඹ කියලා හිතාගෙන.
දැන්නේ තේරෙන්නේ  .......
මම මිහිතලයම නෙමෙයි එක මිනිහෙක් කියලා.
උබට ගොඩාක් පින්, මට අමාවකේ අගය කියල දුන්නට.

අදින් පස්සේ මට හඳ එපා, මගේම කියළා කණාමැදිරියෙක් හොදටෝම ඇති.

ආදම්... උඹ මොකක්ද මේ කළේ??




දෙයියෝ එපා කියලා තිබ්බ මගුල උඹ මොකට කෑවද?
උබ හිතුවේ Eva කෑවෙත් උඹ කාපු ගෙඩියම කියලද?
උඹට තියන කැහිල්ලට අහු උන ගෙඩිය කාලා Eva ටත් දුන්නට,
ඒකි කාලා තියෙන්නේ හොදට තෝරලා වෙන ගෙඩියක් මචං

***මෙය හුදෙක්ම මාගේ අහිංසක සිතුවිල්ලක් මිස, ආගම පිලිබඳ විවේචනයක් හෝ ඒ පිලිබඳ මගේ සිත තුළ ඇති සැකයක් නිසා පළ කල ලිපියක් නොවේ..