2010/11/30

පදමට ගැනීම් (සැර බාල කිරීම)

මාගේ පළමු ලිපිය තවම මමම පමණක් කියවා ඇති බව මම දනිමි. එය ඉස්කුරුප්පු නියනක් අතට දී හදට යන්න කීවා වැනි ලිපියක් බව මටද හැගේ. එබැවින්, එය තවත් අයෙකු කියවීමට පෙර එහි සැර බාල කර විවෘත සිතුවිලි පරාසයක් තුල සිටින ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි අයුරින් මම මාගේ දෙවන ලිපිය මෙලෙස සටහන් කරනු කැමැත්තෙමි.
        ....අපේ කිරිඅමාට බුදුදහම ඉගැන්වූවෙමි....
එය එක් පුර පසලොස්වක පෝය දිනයකි. නිවසේ සියළුම දෙනා පන්සල් යන්නට සුදානම් වෙමින් සිටියේය.
අම්මේ මම එන්නේ නෑ.. මම අම්මාට දැනුම් දුන්නෙමි.
 ක්ෂනයකින් කිරි අම්මා ගේමට එන්ටර් විය.
 පව්කාර කමට හැදෙන්න එපා ළමයෝ අර බලපන් උඩහ ගෙදර කොල්ලා ඌ කොච්චර රස්තියාදු ගැහුවත් හවස් වෙනකොට පන්සලේ... උබලගේ දැන් ආගමට දහමට කිසිම ගරු සරුවක් නෑ.
මමත් මාගේ ස්වයං මතය මදක් එලියට දැමීමට කල්පනා කලෙමි.
කිරි අම්මේ ආගමක් තියෙන්නේ ගරු කරන්න නෙමෙයි අනුගමනය කරන්න., ඒකට පන්සල් යන්න ඕනි නෑ ගෙදර හිටියත් ආගම අනුගමනය කරන්න පුලුවන්..
අනේ උබේ ආගම, ඈ බොල පන්සල් යන්නේ නැතිව කොහොමද ආගම අනුගමනය කරන්නේ?
මමත් පුලුවන් උපරිමය යොදා පැහැදිලි කලෙමි,,,,,
නැත කිරි අම්මා සැලෙන පාටක් නැත,, උන්දෑ බණ පද පෙල ගස්වමින් මාව පන්සල් එක්කර ගෙන යෑමට උත්සහ ගන්නා බව පෙනේ..
අවසානයේ හෝඩියේ ලමයෙකුට රසායන විද්‍යා පරිවර්තනයක් ඉගැන්වීමට උත්සහ කලාක් මෙන් බහුශැත කිරි අම්මාට ආගම ඉගැන්වීමට ගත් උත්සහය ව්‍යර්ථ විය. මම පන්සල් යෑමට තීරනය කලෙමි...
පන්සල් ගිය විගස කිරි අම්මා බුදුපිලිමයක් ලගින් දනින් වැටී මොනවාද මුමුනනවා ඇසුනු නිසා මමත් හෙමින් සීරුවේ ඒ දෙසට කිට්ටු කලෙමි.
අනේ බුදුහාමුදුරුවනේ අපේ කොලුව නොදන්නා කමට කී ඒවට සමාව දෙනු මැනවි, දැන් ඌ හැදිලා...
කිරිඅම්මා මා වෙනුවෙන් සමාව ඉල්ලයි.. මම මුවින් නොබැන පැත්තකට වී කෙල්ලෙකුට ලයින් පාරක් දාගෙන සිටියෙමි.
ප.ලි.
  මාගේ මිත්තණිය පමණක් නොව අද සමාජයේ බොහෝමයක් දෙනා මෙම මතයේ සිටී, ආගම පිලිපැදීම වෙනුවට ආගම හිසමත තබාගෙන දුක් විදී. ආගම රැක ගැනීමට කියා විවිද පුහු වැඩ කරති. සමහර ටියුශන් මාස්ටර්ලාද තමා සතු විවිද හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ලමුන්ගේ සිතුවිලි වල දුර්වල ස්ථාන බිදිමින් ආගම කෙරේ වැරදි මතයක් ඇති කරයි. එම ළමුන් ගිරවුන් මෙන් ඉගැන්වූ දෙයම කියමින් ඒ නීති රීති අනුගමනය කරමින් දුක් විදිති. බොහෝ දෙනා ඔවුන්ට හරිම හොද ලමයෙක් යැයි සම්මාන දෙති. නමුත් ඔවුන් දන්නා මගුලක් නැත. ඔවුන් කියනා අන්දමට ආගම පිලිපැදිය යුතුනම්... පාවහන් යුවල බුදුපිලිමය ලගින් තබා වැන්දාටද කම් නැත. ආගමට ගරු කිරීම යනු එහි නිවැරදි ස්වරූපය වටහාගෙන අනුගමනය කිරීම මිස උදේ හවස පන්සල් යෑම නොවේ....

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි හිස් අහස... මම තාම අලුත්නේ.. ඔයාව නම් අමතක වෙන්නේ නෑ. මගේ පලමු පාඪකයා.. ඔයාටත් ජය.. ඔයාගේ ආදරයටත් ජය..

    ReplyDelete
  3. ඉස්සෙල්ලම කියන්න ඕන ඔය අදහස් මිත්‍යාදෘෂ්ටික නෑ කියල. ඒව ඇත්ත. මමත් ඔය විදිහට කල්පනාකරපු කාලයක් තිබුණා. නමුත් කවදාවත් වයසින් මුහුකුරාගිය අය සමග ඕව ගැන වාද කරන්න එපා. එයාල කවදාවත් තමන්ගෙ මතය වෙනස් කරන්නෙ නෑ. කොහොම උනත් වැදගත් ලිපියක්. අද කාලයට අවශ්‍ය ඔබ වැනි අයයි. ඔබට ජයවෙවා...!!!

    ReplyDelete
  4. anee ban a gena mokata kath karanawada?
    buduhamuduruwo ai avith bana kiwoth
    oya ammandilatika buduhamuduruwontath gal ganawa buddagama vinasa karanawa kiyala

    ReplyDelete
  5. හරියට හරි මේ අදහස් වටිනවා

    ReplyDelete