මම පත්තරේ මේක දැක්කේ මේක දැක්ක ගමන් මගේ හිතට ආවේ ගිය අවුරුද්දේ මම මේ දවස් ටික ගෙවපු හැටි, විභාගයක් ලියලා එල්ලුම් ගහට නියම වුන අපරාඩකාරයෙක් ජනපති අනුමැතිය හම්බ වෙනකම් ඉන්නවා වගේ මේ දවස් ටික මටනම් ගිය අවුරුද්දේ දැනුනේ. වෙලාවට මම නම් ප්‍රතිඵල එන්න කලින්ම සූදානම් වෙලා හිටිය නිසා ඒ තරම් අවුලක් තිබ්බෙත් නෑ (නැත්තෙමත් නෑ).
ඉතින් උසස් පෙළ හා සත්ව සර්කස් වල සම්බන්ඳය මොකක්ද කියලා හිතෙනවා ඇති නේද??
සත්ව සර්කස්
මේකේ වෙන්නේ සතෙක් අමාරුවෙන් පුරුදු කරලා, පොඩි පොඩි දේවල් උට කියලා කරවගන්න එක. සර්කස් එකේ මිනිහා කියනකොට ඒ සතා ඒ දේ කරනවා, බලාගෙන ඉන්න මිනිස්සු ඔල්වරසන් දෙනවා, මාර සතෙක් නේ මූ කියලත් සමහරු කියනවා. ඒ උනාට ඒ සතා දන්නේ කන්න ඕනි නම් පුරුදු කරපු විදිහට මේක කරන්න ඕනි කියන එක විතරයි
උසස් පෙළ
මේකේ වෙන්නේ ළමයෙක් අමාරුවෙන් පුරුදු කරලා විභාගය ලියවන එක. ගොඩාක් වෙලාවට ළමයට තේරුමක් නෑ තමන් මොකටද මේක කරන්නේ කියලවත්. ඒ උනාට සර්කස් එකේ බලන් ඉන්නවා වගේ මිනිස්සු බලන් ඉන්නේ ගුනදොස් කියන්න හින්දා ළමයා පුලුවන් විදිහට මේක ලියනවා. ඔය හරියට එනකම් කිසිම ප්‍රස්නයක් වෙන්නේ නෑ. ඊට පස්සෙ තමයි කේස් එක පටන් ගන්නේ,, ඒ කියන්නේ ප්‍රතිඵල එනකොට. ඉතින් බය හිතෙන්නේ නැති උනොත් තමයි පුදුම මොකද කී දෙනෙක් ඉන්නවද බෙල්ල මිරිකන්න බලාගෙන.
ඉතින් ඔන්න ඔය වගේ වෙලාවට ලමයි එක එක දේවල් කරනවා ඕකට හොදම උදාහරණය තමයි ෆේස්බුක් එකේ එහෙම ඔය මම දැම්මා වගේ පින්තූරයක් ප්‍රොෆයිල් පික් එකට දානවා. තව එක එක ජාති කරනවා.
මේ මිත්‍යා දෘෂ්ටිකයා සාමාන්‍යයෙන් ඔය වගේ සරල දෙයක් පැහැදිලි කරන්නේ නෑ කියලා දන්නවනේ, මට උවමනා උනේ ඔය උසස් පෙළ ලමයින්ට ප්‍රතිඵල එන්න කලින් ලෑස්ති වෙන විදිහ ගැන පොඩි උපදෙසක් දෙන්න
ඒක මම සරලවම කියන්නම්.....

ප.ලි.
මම මේ පෝස්ට් එක දැම්මේ උදව්වක් වශයෙන්, නැත්තම් මම තමයි පලවෙනි උසස් පෙළ විරෝඩියා. මොකද ඒක ලියනකොට මම හිටපු පීඩනය මට හොදට මතක නිසා....
සහෝදරයා කියන දේවල්වලින් කොටසකට මම එකඟ වෙනව. නමුත් මේක දැනගන්න. මමත් උසස්පෙළ දෙපාරක් ඇනගත්ත කෙනෙක්. ඒ උනාට සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත් කෙනෙකුගෙයි උසස්පෙළ දක්වා ඉගෙනගත් කෙනෙකුගෙයි අතර ලොකු වෙනසක් තියනවා. උසස්පෙළ අපට කැපවීම සහ ඉවසීම පිලිබඳ කියල දෙනව. ඒකෙන් ජීවිතයට ලැබෙන පන්නරය කොහෙන්වත් ගන්න බෑ. උසස්පෙළ කියන කඩයිම ජයගැනීම කෙසේ වෙතත් පසුකිරීමත් ජීවිතයේ ජයග්‍රහණයක්. විභාග වලින් පේල් උනාම මැරෙන්න යන අයයි ඒවට උල්පන්දම් දෙන අයයි මේ ගැන නොහිතන එකයි ඛේදවාචකය. ඔබත් මේ ගැන කල්පනා කර බලන්න. ඔබට ජයවේවා...!!
ReplyDeleteඅකුරු ටිකක් ලොකු කරලා ලියන්නෝ........
ReplyDelete