මට මේ ලඟදි ලොකු ප්‍රශ්නයක් ඇති උනා. ඒක ඉතින් මම කරපු දෙයකට පසු තැවෙන්න සිදු වීමක්. මම දන්න විදිහට මම ගොඩාක් හිතල තමයි යම් දෙයක් කරන්නේ, ඉතින් මටත් ඒ වගේ උනාම සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් ඒක.

අපි දෙයක් කරන්න කලින් ඒ අවස්ථාවේ හැටියට හිතනවා ඒ දේ ගැන. ඔතනදී ගොඩක් අය වරද්ද ගන්නේ ඒ අවස්ථාවේ ස්වරූපය ගැන ඕනිවටත් වඩා වද වීම හින්දා, මම හොදට කල්පනා කලා මම පසු තැවුනු තීරණ මොනවද කියලා. අනවශයය විදිහට කල්පනා කරලා ගත්ත තීරන වලදී ගොඩාක් වෙලාවට පස්සේ පසු තැවෙන්න වෙනවා කියලා මට තේරුම් ගන්න ගොඩාක් අමාරු උනේ නෑ.
පස්සේ පසු තැවෙන්න තියන හේතුව අපේ හැඟීම් ඒ වෙනකොට වෙනස් වීම කියන එකනම් බොහොම සරලව තේරුම් යන දෙයක්නේ. ඉතින් මේකට හේතුව අපි දවසින් දවස අපේ ඔලු වලට අලුත් දේවල් පුරව ගන්නකොට මුලින් තිබ්බ දේවල් වැඩක් නෑ කියලා හිතෙනවා වගේ දෙයක්නේ. ලී කැටයම් කපන්න පුරුදු වෙන මිනිහෙක්ට තමන් දැන් කපන කැටයම් දකින කොට ඉස්සර කැපුවේ මොනවද කියලා හිතෙනවනේ.
ඉතින් කොහොමද අපි පස්සේ පසු තැවෙන්නේ නැති වෙන්න තීරණ ගන්නේ.??

මෙතන ඇත්තටම මොන තරම් කල්පනා කරලා මේ පෝස්ට් එක දැම්මත් මට හිතෙනවා පස්සේ මේක ටිකක් වෙනස් උනානම් හොඳයි කියලා. ඉතින් දැන් මට එක දෙයක් විශ්වාසයි. මොන තරම් හිතුවත් පස්සේ පසු තැවෙන්නේ නැතිවෙන්න තීරණ ගන්න එක මහ අමාරු වැඩක් බව.
ඇත්තටම මගේ ජීවිතයේ එහෙම අමාරු වැඩ තිබිල නෑ. ඉතින් මම තව ටිකක් කල්පනා කරා, මේකට මොකක් හරි විසඳුමක් තියෙන්නම ඕනි නේ.

ප. ලි.
මේ ලෝකේ මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි උත්තර නැති ප්‍රශ්න නෑ කියන එක, සරලවම කිව්වොත් කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් හැමෝම තමන් විසින්ම ප්‍රශ්න හදාගන්නවා එහෙමත් නැත්නම් මවා ගන්නවා. ඒ කරලා ඒවට විසදුම් හොයමින් පසුතැවෙනවා. ඇත්තටම බැලුවොත් මේකම තමයි ජීවිතය කියන්නේ.
ඔය කතාව නම් සහතික ඇත්ත සහෝදරයා....
ReplyDeleteඇත්ත මටත් මගේ ප්‍රශ්න අඳුරගන්න බැරි උනා ..ට්කක් කල්පනා කරාම තමයි දැනගත්තේ ප්‍රශ්නෙ තියෙන්නේ හරියටම මට උඩින් කියලා ...අන්න ඒ ප්‍රශ්නෙට මම තාම උත්තර හොයනවා ...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම් ඇත්ත කතාව
ReplyDeleteඔය ප්‍රශ්නෙට හීනියට වගේ මං ගාව උත්තරයක් තියෙනවා. ඒකත් හරියටම හරියි කියන්නත් බෑ. ඒත් පොඩි හිත සනසා ගැනිල්ලක් කියලත් විග්‍රහ කරන්න පුළුවන්. මිත්‍යාදෘෂ්ඨිකයත් මේක කියල තිබුනත් ඒක උත්තරයක් හැටියට බාරගන්නව කියල නෑ..
ReplyDelete[said ]තම තමන්ගේ බුඳ්ඳි මට්ටමෙන්. ඉතින් අපි කරන්නේ ඒ වෙලාවට ගොඩාක්ම නිවැරදි කියල හිතෙන දේ.[/said ]
[said ]පස්සේ පසු තැවෙන්න තියන හේතුව අපේ හැඟීම් ඒ වෙනකොට වෙනස් වීම කියන එකනම් බොහොම සරලව තේරුම් යන දෙයක්නේ.[/said ]
අපිට පුලුවන්නම්.., අපි එවලේ කළේ, ඒ වෙලාවේ තිබුන අදාල තත්වයන්ට අනුගතව, අපිට තිබුන options වලින්, හොඳම දේ කියල....
[when that had happened, we have done the best, and chose the best choice under the circumstances there].....
සමහරු තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් තවත් ප්‍රශ්න දාගන්නව. එවට උත්තර හොයන්න ගිහින් තවත් ප්‍රශ්න දාගන්නව. එහෙම මිනිස්සුන්ට උදවු කරන්න යන අයත් නිකන් ප්‍රශ්න දාගන්නව. මටත් ඔහොම ප්‍රශ්නයක් ආව. මම නම් ඒකට උත්තරේ හොයාගත්ත.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම අදයි මේ පැත්තේ ආවේ... කතාව නම් සහතික ඇත්ත...
ReplyDelete@අකීකරු හිත = මිත්‍යාදුස්ඨිකයාට මේදවස්වල හොඳටම අසනීපයි .. එයා වෙනුවෙන් මම අකීකරු හිතට ඉස්තූතියි කියනවා අදසක් දීල ගියාට
ReplyDelete