
මේක කියවන කවුරු හරි කෙනෙක් හිතලා තියනවද අපි අද අලුත් වැඩක් කරමු, අද චිත්‍රපටියක් බලමු, නැත්නම් හෙට ට්‍රිප් එකක් යමු, කියලා. මම දන්නවා ඔක්කොටෝම එහෙම හිතෙනවා ඇති. නමුත් හිතලා බලන්නකෝ කාටද හිතිලා තියෙන්නේ අද අලුත් වැඩක් කලාම සතුටු වෙන්න පුලුවන් කොහොමද?, ඒත් නැත්නම් ෆිල්ම් එකක් බැලුවම ඒකේ තියන රස අපේ හිත විදින්නේ කොහොමද කියලා හිතලා තියනවද?

ඔතනට එනකම් පිස්සා සහ මම සමානයි කියලා මම දන්නවා, නමුත් ඔතනින් එහාට පිස්සා තමන්ට ඕනි දේ ඒ විදිහටම කරනවා. නමුත් මම බය ගුල්ලෙක් වගේ අනිත් අය ගැන හිතලා මගේ සිතුවිලි හිතේ ගුලි කරගන්නවා. හැමදාම මම හිතලා අන්තිමේට වෙන්නේ අනිත් අයට ඕනි විදිහට ඉන්න එක. මට හිතාගන්න බෑ කාටවත්ම මේක තේරුම් ගන්න බැරි ඇයි කියලා.
නෑ ඒ අය කැමති නෑ තමන් දන්න දේවල් වලින් එහාට මොනවද තියෙන්නේ කියලා හිතලා බලන්න, ඉතින් මම මොකටද ඒ අයගේ සිතුවිලි වෙනස් කරන්න යන්නේ. කටුස්සෙක් වගේ ඒ ඒ අවස්තාවට ගැලපෙන විදිහට මාත් වෙනස් වෙනවා. ඒකත් සතුටු වෙන්න පුලුවන් ක්‍රමයක් බලාගෙන යනකොට.
කොහොම උනත් මට පුදුම සිදුහත් කුමාරයා බුදු වෙන කාලේ මේ අය හිටියනම් එයාටත් පිස්සෙක් කියලා කියයි. මොකද අපි මේ ඇත්ත කියලා අදහන ආගමත් ඒ කාලේ මිථ්‍යා දෘෂ්ථික ආගමක් වගේ ඒ කාලේ මිනිස්සුන්ටත් හිතෙන්න ඇති නේ?

ඔය මොනවා උනත් මටනම් හිතෙන්නේ සත්‍යය දකින්න උත්සහ කරන මිනිහෙක්ට අද කාලේ දෙන නම තමයි පිස්සා. ඉතින් අපි විශ්වාස කරන විදිහට මෙත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන කාලෙ වෙනකොට, ඒ කාලේ ඉන්න මිනිස්සු වත් පිස්සා නොකියාවි යැයි ප්‍රාර්ථනා කරනවා..
ප.ලි.
මාගේ අදහස නිසා යම් දැඩි මතදාරී කෙනෙකුට හෝ ඕනෑම අයෙකුට සිත් රිදවීමක් වුවා නම් මා කාරුනිකව සමාව ඉල්ලා සිටිනවා. එවන් අය මෙය මෝඩයෙකුගේ මෝඩ ලිපියක් යැයි සිතා නොසලකා හරින්නේ නම් මැනවි.
රයිට් සහෝදරයො අහසින් යන්න පුලුවන් වාහනයක් හදන්න උත්සහ කරන බව දුටු අනෙක් මිනිස්සු, "මුං දෙන්නට පිස්සු" කියල ගල් වලිනුත් ගැහුවලු. ඔතනින් කාටද පිස්සු කියල තේරෙනවනෙ. ඒ වගේ තමා. මේ ලෝකෙ වෙනස් කරේ වෙනස් විදිහට හිතපු අය වෙනස් විදිහට දැක්ක අය. අපි ඕනතරම් ගස් වලින් ගෙඩි වැටෙනව දැකල ඇති. ඒත් අයිසැක් නිවුටන් දැක්ක විදිහට පෙනුනෙ නෑ නේද ? ඒ වගේ, මොළෙන් කල්පනා කරන්න පුලුවන් කෙනෙක්ට නම් මේක "මෝඩයෙකුගේ මෝඩ ලිපියක්" යැයි නොසලකා හැරිය නොහැකි බවයි මගේනම් අදහස.
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා.
ReplyDeleteඋඹ දන්නවද....... මේක කියෙව්වම මට දැනුනේ.,
ReplyDelete''මං මේ ලෝකෙ තනිවෙලා නෑ''
කියන හැඟීම බං..
නියමයි මමත් උඹ වගේ එකෙක් හම්බ වෙනකම් හිටියේ මචෝ. බොහොම තැන්කියු මේ පැත්තට ගොඩ වැදුනට.
ReplyDeleteඅනිවාර්යෙන්ම..
ReplyDeleteකියවන්න නෙවෙයි., විග්‍රහ කරන්න පුළුවන් ජාතියේ මෙහෙම එකක් දකින්න ලැබීමත් ලොකු දෙයක්..