2011/01/07

ආදරයට ඌණ පූර්ණයක්....

අපේ සමාජයේ ආදරය කරන නොකරන, ඒ ගැන දන්න නොදන්න හැම කෙනෙක්ම මේ දේ ගැන එක එක විදිහට හිතන බව මම දන්නවා, ඒ උනාට මේ දේ ගැන මගේ අදහසත් මම කල්පනා කරලා බලලා තීරණය කලා පෝස්ට් එකක් විදිහට දාන්න.
තවත් කාරණයක් මෙතන මම මේක දාන්නේ මනුස්සයෙක් මිස රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් නොවෙයි, ඒ නිසා ඕනි තරම් වැරදි තියෙන්න පුලුවන්. ඔබ ඒ වැරදි නිවැරදි කරනවානම් මම බොහෝම සතුටු වෙනවා.


අද සමහරක් අය තමන්ගේ ආදරය කාමයෙන් තොර රාගයෙන් තොර සුරම්‍යය සඳ එලිය වගේ යැයි කියනවා. එහෙමත් නැත්නම් විස්වාස කරනවා. ඉතින් මේ කතාව මොන තරම් ඇත්තද එහෙමත් නැත්නම් බොරුද කියන එක කථා කරන්න වටින දෙයක් කියලා මම හිතුවා.


 ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??

ඒක මගේ විදිහට අර්ථකථනය වෙන්නේ මේ විදිහටයි. අපි පරිණාමනයේදී මුලින්ම සත්තු මරලා අමුවෙන් මස් කෑවා. පස්සේ ගින්නෙන් පුළුස්සලා කෑවා. දැන් අපි බොහෝම පිළිවෙලකට උයලා රසකාරක එකතු කරලා අමුතු නම් දාලා කනවා. ඔතනදී නම වෙනස් උනාට අපි කන්නේ බඩගින්නට නේ. ඒ වගේ තමයි ආදරයත්. අපේ ලිංගික ආශාවන්ට රසකාරක දාලා හදපු දෙයක් තමයි ආදරය කියන්නේ. ඔතනදී මමත් පෘථග්ජන මිනිහෙක් හැටියට ආදරය කියන දේට කැමතියි, ලිංගිකත්වය පොඩ්ඩක් පැත්තකට කරලා තමයි කතා කරන්නේ, නමුත් ඇත්තටම අපිට ආදරය ඇති වෙන්න හේතුව මොකක්ද? අපි නිරුවත් කම වහගන්නේ අනිත් මිනිස්සු හිනා වෙයි කියන බයටනේ, සභ්‍යත්වය ශිෂ්ඨ සම්පන්න බව කියලා කොහොම කිව්වත් ඇත්ත කතාව අනිත් අය හිනා වෙයි කියන බයටයි අපි ඇදුම් අඳින්නේ.
අන්න ඒ වගේ ආදරය කියන්නෙත් ලිංගිකත්වය ලස්සන කරන්න අන්ඳපු ඇදුමක් වගේ.


අතුරු කතාවක්!!


කෙනෙකුට හිතෙන්න පුලුවන් දෙමව්පියොන්ට තියන ආදරය ගැන මොකක්ද කියන්නේ එතකොට කියලා..
මේක මම උනත් සාමාන්‍යය මිනිහෙක් විදිහට කියන්න කැමති නෑ. නමුත් එතන තියන දේ වෙනස් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරය හරියටම අපි වටිනා වස්තුවකට දක්වන ආදරයට සමානයි. ඒ අය තමන් සතු වස්තුවක් හැටියට දරුවන්ට ආශා කරනවා. නමුත් දරුවන්ගේ පැත්තෙන් ඒ ආදරය ආපහු යන්නේ කළගුණ සැලකීමක් විදිහට. ඒක නිසා තමයි සමහර දරුවෝ දෙමව්පියන්ට සළකන්නෙත් සමහරු නැත්තෙත්. ඇත්තටම කල්පනා කරලා බලන්න කෙනෙකුගෙන් ඇහුවොත් දෙමව්පියෝද ඕනි දරුවොද ඕනි කියලා ඇහුවොත්?? ඇත්තටම මොකක් වෙයිද? මේක කියවන මගේ සමකාලීනයෝ හිතයි දෙමව්පියෝ ඕනි කියලා, නමුත් එයාලගේ දෙමව්පියොන්ගෙනුත් මේකම ඇහුවොත් එයාලා මොනවා ඉල්ලයිද???
ඒක සාදාරණීකරණය කරන්න මොන තරම් කතා කිව්වත් ඒ දේ තමයි ඇත්ත.


මොන දේ උනත් මට මේක ලියනකොට හිතුන දෙයක් තමයි අපි භාවිතා කරන සන්නිවේදන ක්‍රමය වන භාෂාව මොන තරම් ප්‍රාථමිකද කියන එක. අපිට හරියටම වචන වලින් අර්ථ දක්වන්න බැරි මොන තරම් දේවල් තියනවද?  අපි සමහර දේවල් දැනගෙනත් ඒ දේවල් කියන්න මොන තරම් වටේ යන්න වෙනවද?


කොහොම උනත් මමනම් හිතන්නේ ආදරය කියන්නේ ලිංගික අශාවන්ට අන්දපු ඇදුමක් කියලයි. ඒක ටිකක් අශෝභනයි කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. නමුත් අපේ හිතේ ඇතිවෙන හැම හැඟීමක් වගේම ආදරය කියන්නෙත් බොරුවක්.....


ප.ලි.
අවසාන පේළිය පොඩ්ඩක් දරුණු වැඩියි වගේ. නමුත් මම උනත් බැඳීම් වලින් හිර උන. හැඟීම් වලට වහල් උන කෙනෙක් විදිහට ඒකට අකමැති උනත් ඒක ඇත්තක් කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක්. ඒක කෙනෙක්ට කියන්න තරම් හැකියාවක් මිථ්‍යාදෘෂ්ඨිකයා හැටියට මට තිබුනත්, මගේ සැබෑ ජීවිතයෙදි අර උඩින් කියපු හේතු වලින් වැහිලා හොඳ පුතෙක්, හොඳ ළමයෙක්, හොඳ මිනිහෙක් හැටියට ජීවත් වෙන්න තරම් මම දුර්වලයෙක්...

6 comments:

  1. අමුවෙන් මස් කැවොත් නරක මිනිහෙක් කියලා දොස් කියනව
    හොඳට උයලා හරි ඩෙවල් හදලා හරි කෑවොත් කවුරැත් දොස් කියන්නෑ

    එහෙමද ඔයා කියන්නේ?

    එතකොට ඇයි අපි තෝරා ගත්ත කෙනෙක්ටම විතරක් ආදරේ කරන්නේ?

    ReplyDelete
  2. කන්න දෙයක් නැති මිනිහා කොළ මුල් හරි කාලා ජීවත් වෙනවා. නමුත් තියෙන කෙනා තෝරගෙන තමන්ට කැමති දේවල් විතරක් කන්නේ ඇයි..? අනිත් කාරණය පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඒ කෙනා තෝරගන්න හැටි.

    ReplyDelete
  3. තර්කය සාධාරණයි.. ඒත් හිතට එකඟව තර්කයට එකඟ වෙන්න අමාරුයි.. ආදරය ගැන ඒ විදිහට හිතන එක දරුණු වැඩියි කියලා හිතෙනවා. ඒ සමහර විට පුන්චි කාලෙ ඉඳන් හිතට ඔබ්බවල තියෙන සංස්කෘතිය කියන දේ නිසා වෙන්නත් පුලුවන්. නැත්නම් හිත වහගෙන පැතිරිල තියෙන බොළඳකම නිසා වෙන්නත් පුලුවන්..

    ReplyDelete
  4. ආදරය කියන්නෙ ලිංගික ආශාව කියන තලගුලිය ඔතල තියෙන සව්කොලේ වගේ දෙයකට. සත්ව ප්‍රජාවෙ පැවැත්ම තියෙන්නෙ වර්ධනය මත. ලිංගික ආශාව තමයි ඒ වර්දනයට පාර කපන්නෙ. ආදරය කියන්නෙ පුංචි උත්තේජනයක් ඔය ක්‍රියාවලියට. ආදරය නැතුව උනත් ඔය ප්‍රජා වර්ධනය වෙන්න පුළුවන්, ඒත් සමාජ ආර්ක්ෂනය මදියි. සත්තු වගේ නෙමෙයි. මනුස්ස පැටිය උපතේදී බොහොම දුර්වලයෙක්, ඉතින් ආදරය තමයි අවශ්‍ය කරන ‍රැකවරනය සපයන්නෙ.

    ReplyDelete
  5. අන්තිම පේලිය විතරක් නෙවේ සම්පූර්න ලිපියම සැර වැඩියි . ඒත් අපි හැමෝම . නොදන්න(දන්නේ නෑ වගේ ඉන්න) ඇත්තක් තමයි ඔයා ලියලා තියෙන්නේ . සමහර අයට මේක බැලුවාම ටිකක් රිදෙයි . කොයිතරම් රිදුනත් අපි නොදන්න ඇත්ත තමයි මේ තියෙන්නේ . ඔයා වගේ කෙලින් කතාකරන මිතුරෙක් මට සිටීම සතුටක් ..

    කවමදාකවත් ඔයා මේ ලියන ක්‍රමයේ සැර බාල කරන්න එපා ..!

    ජය වේවා !!

    ReplyDelete
  6. මේක ගැන මම කලින් වෙන තැනක් වෙනුවෙන් ලියපු කවියක් දාන්නම්... පරණ එකක් නිසා අවුලක් නැති වෙයිනේ...

    ආදරය වෙනුවෙන් කෛරාටිකව

    ReplyDelete