අපි විස්වාස කරන්නා වූ සියලුම දේ අප උපන්දා පටන් අප සමාජය නැමති විශ්වවිද්‍යාලයයෙන් උගත් දේ මතම පදනම් වී ඇත. නමුත් මම විශ්වාස කරන අන්දමට යම් අයෙකුට එම සීමාව අභිබවා යෑමට හැකියාව ඇත්නම් ඔහුට අපි විස්වාස කරන්නා වූ යම් විමුක්තියක් ඇත්නම් එය උදාකරගත හැකිවනු ඇත. වත්මන් සමාජයේ බොහෝමයක් දෙනා මේ පිලිබඳ නොදන්නවා නෙවේ, බොහෝ දෙනාගේ සිත් තුල මෙම අදහස ඇත. නමුත් මමද ඇතුළත් එම පිරිසට පවත්නා රාමුවෙන් බැහැරව යෑමට ආත්ම ශක්තියක් නැත.
අප සියලුම දේ දෙස බලන්නේ අපි ඉපදුනදා සිට අපිට ඉගැන්වූ අකාරයෙන්මය අම්මාට අම්මා කියන්නේත්, තාත්තාට තාත්තා කියන්නේත් එබැවිනි, එතැන් සිට අපි අපගේ ලෝකය මවාගැනීම ආරම්භ කරන්නෙමු. එතැන් සිට පව්-පින්, හොද-නරක, සැප-දුක ආදී අනේක විද වචන රාශියක් තුලම සිට කටයුතු කරන්නෝ වෙමු. එතැන් පටන් බල්ලා නීච ලෙසත්, අම්මා උතුම් ලෙසත් සැලකුවෙමු. අම්මාට බල්ලා යැයි කියන්නා පාහරයෙකු වූයේ ඒ අනුවය. නමුත් අම්මා සහ බල්ලා යන වචන මාරු කොට අපට ඉගැන්වුයේ නම් අපි බල්ලාට අම්මා කියන්නා පාහරයෙකු ලෙස සිතන්නට ඉඩ තිබුනි.
ඒ අනුව අපේ විස්වාසය පදනම් වී ඇත්තේ ඉහත කී අන්දමට මවා ගත් සීමිත වචන සංක්‍යාවක් මතය. එ අනුව බුද්ඩියෙන් යුතුව මෙය කියවා බැලුවේ නම් මම පමණක් නොව ඔබද මිත්‍යාදෘෂ්ටිකයෙකු බව ඔබටද වටහා ගත හැකි වනු ඇත. මාගේ පළමු ලිපිය රසවිදිමින් කියවන්නට හැකියාව ඇතොත් ඒ බොහෝ සුළු පිරිසකට පමනක්ම වනු ඇත ඒ බව මා දනිමි. මෙය හුදෙක් කියවා තේරුම් නොගෙන මා හට ද්වේෂ සහගතව බැනීමට සිතෙනා පිරිස්ද සිටිනා බව මම දනිමි. එබැවින් ඔවුන්ගේ දැනුම් මට්ටම අනුව සිත් රිදීමක් ඇතිවීමටද ඉඩ ඇතිමුත්, එවන් අය මෙය මෝඩයෙකුගේ මෝඩ ලිපියක් බව සිතා නොසලකා හරින්නේ නම් එය මැනවි.
අවසානයට මම බුදුන් වහන්සේ දේශනා කල දෙයක් සදහන් කරනු කැමැත්තමි
නාගයෙකුගේ කඳ මැඳින් හෝ වල්ගයෙන් අල්වා ගත්විට ඌ ආපසු හැරී දශ්ට කරන්නේය.
එමෙන්ම, දර්මය නිසි ලෙස ග්‍රහනය කර නොගන්නා කෙනාද එය නිසාම දුකට පත් වෙන්නේය.
ඔබ බුදුරජාණ්න් වහන්සේව අදහන්නෙකු නොවී අනුගමණය කරන්නෙකු වීම පිලිබඳ ඔබට මගේ ආචාරය...!!! ජයවේවා..!!
ReplyDelete