මම දන්න විදිහට මම පොඩි කාලේ ඉදන්ම ටිකක් සංවේදී පුද්ගලයෙක්. ඉතින් සංවේදී කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් පොඩි දේ ගැනත් ගොඩාක් හිතන, පොඩ්ඩක් ඇත්නම් දුක හිතෙන, ඕනිවට වඩා හැමදෙයක් ගැනම වද වෙන කෙනෙක්ට නේ. ඉතින් මමත් ටිකක් ඔය වගේ කෙනෙක් තමයි, ඉතින් මටත් ඕනි උනා වෙනස් වෙන්න, ඒ කියන්නේ ඕනිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැති, හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න කෙනෙක් වෙන්න (මොකද හිනාව මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් වගේ) මම අම්මාගෙන් ඇහුවා, හිනා වෙලා හිටියට කමක් නෑ ඔය විදිහට හැමදාම ඉන්න අම්මගෙ උත්තරේ තමයි ඒ. තවත් කෙනෙක්ගෙන් ඇහුවා එයත් එහෙමම කිව්වා. ඉතින් ඇත්තටම අනිත් අයව සනසලා මම දුක් විදින්නේ මොකටද කියලත් හිතුනා.අන්තිමේට මම හිතුවා තනියම පැයක් දෙකක් කල්පනා කරන්න ඕනි කියලා. ඉතින් මම කල්පනා කලා, (මම පොඩි කාලේ ඉදන්ම ගොඩක් ප්‍රශ්න වලට උත්තර හෙව්වේ කල්පනා කරලා) එතකොට මට හිතුන දේ ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතලයි මම මේ පෝස්ට් එක දාන්නේ.
සතුට සහ දුක
මම ඉස්සෙල්ලාම කල්පනා කලේ මේ ගැන තමයි. අපිට හැම වෙලාවකම මොන තරම් සතුටකින් හිටියත් දුක හිතෙන දෙයක් උනොත් අර සතුට ඔක්කොම අභිබවා ඒ දුක ප්‍රභල වෙනවනේ? ඒ උනාට මොන තරම් දුකින් හිටියත් සතුටු වෙන දෙයක් උනාමත් එහෙමම වෙනවද කියලා මම කල්පනා කලා. කල්පනා කරල බලන්නකෝ, මටනම් හිතුනේ එතනදිත් දුක තමයි ප්‍රභල කියලා..
මේක මාර වැඩක්නේ, නිකම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ නේ?
සංවේදීකම
ඉතින් ඇයි මෙහෙම හැම වෙලාවෙම දුක ප්‍රභල වෙන්නේ මට ආපු මීලඟ ප්‍රශ්නය,
ඒකටත් ඉතින් විසඳුම මගේ ලඟ තියනවානේ? තව ටිකක් කල්පනා කලා. ඔන්න මගේ ඔලුවට වැටුනා මොකක්ද මේකට හේතුව කියලා, හැම වෙලාවෙම අපේ හිත සංවේදී වෙන්නේ දුකට, ඒ කියන්නේ මොන තරම් කෑම ගොඩාක් තිබුනත් අපි හැම වෙලාවෙම අපි කැමතිම අපිට රසවත්ම කෑම තෝරා ගන්නවා වගේ, හිතත් ඒ විදිහටම රසවත් දේ තමයි තෝරාගන්නේ කියන එක හිතා ගන්න පුලුවන් උනා හැබැයි මේකට නම් ටිකක් විතර වෙලා ගියා
දුකේ රසය
ඔන්න මගේ ඊයේ දවසේ මෙහෙයුමේ කොටසක් ඉවරයි, මට තේරෙමින් තියනවා යම් දෙයක් කියලා මට හිතුනා. ඔහොම යනකොට තමයි මාගේ ඔලුවට ආවේ ඇත්තටම දුක කියන්නේ සතුටට වඩා රසවත් හැඟීමක් නේද කියන එක, නමුත් අපිට සමාජය කියලා දීලා තියෙන්නේ දුක කියන්නේ සතුටේ විරුද්ඩ් ක්‍රියාවලිය කියලා. නමුත් ඇත්තටම එහෙම නෙමෙයි. අපි හිතන විදිහ අනුවයි ඒක වෙන්නේ කියලා මට හොදටම තේරුම් ගියා. ඒක නිකම් අපි කරවිල තිත්තයි කිව්වට තවත් කෙනෙක් කරවිල බොහොම රසයි කියලා කනවා වගේ වැඩක්. ඒක හිතන විදිහ අනුව වෙනස් වෙනවනේ. සංගීතය හදාරනකොට තියෙන රස වල තියනවනේ ශෝක රසය, වීර රසය කියල දේවල් ගොඩාක්.
ඉතින් මම තීරනය කලා මගේ වෙනස් වෙන්න දෙයක් නෑ කියන එක. මොකද මට හොදටම පුලුවන් දුක රසවිඳින්නනේ, ඉතින් ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා මට හිතුනා.
ප.ලි.
මට මේක දැන් මතක් උනේ බුදු හාමුදුරුවොත් කිව්වා නේද අෂ්ට ලෝක දර්මයක් ගැන, මම ඒක ඉගෙන ගෙන තිබ්බට දෙන් දන්නවා එහෙම එකක් ඇත්තටම තියනවා කියලා
මේ ලිපිය පිලිබඳ මමත් අදහස් කීපයක් දැක්වීමට කැමැත්තෙමි. අපට සතුටක් ඇතිවන්නෙ කෙසේද ? අප කැමති දේ ලැබීමෙන් නේද ? දුක ඇතිවන්නෙ ? අප අකමැති දේ ලැබීමෙන්. මෙහිදී මම "දේ" කියා අදහස් කරන්නෙ යම්කිසි දෙයක්, සිදුවීමක්, හැඟීමක් හෝ ඕනෑම දෙයක්. ස්වභාවයෙන්ම ඕනෑම කෙනෙක් සතුටින් ඉන්න කැමතී දුක් විඳින්න අකමැතී. ඒ නිසා තමයි දුක වඩා ප්‍රභලයි ලෙස හැඟෙන්න්නේ. මගේ අදහස නම් සතුට සහ දුක යනු හැඟීම් ය. හැඟීම් ඇතිවන්නේ සිත තුලය. එසේනම් සිත පාලනය කරගත් තැනැත්තාට දුක අඩුකරගත හැකිය. අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවීමටද සිත පාලනය කරගත යුතුය. ඒ මාගේ අදහසයි. ජයවේවා...!!
ReplyDeleteහැම වෙලාවෙම අපේ හිත සංවේදී වෙන්නේ දුකට
ReplyDeleteදුක කියන්නේ සතුටට වඩා රසවත් හැඟීමක්
හ්ම්.... ටිකක් කල්පනා කරලා බැලුවා. ඇත්තක් තියෙනවා වගේ.
ඒ ගැන කියන්න ඕන නෑ. මට තේරෙනව ඔබ සඳහන් කර ඇති දේවල් කාගෙන්වත් ඉගෙනගන්න පුලුවන් දේවල් නොවන බව. මම කෙටියෙන්ම කියන්නෙ අපේ හිත දුකට සංවේදී වන්නෙ දුක් විඳින්න අකමැති නිසා කියල. "දුක කියන්නේ සතුටට වඩා රසවත් හැඟීමක්" මේකනම් මට ටිකක් අපබ්බ්‍රන්සයක්...!!!!
ReplyDeleteඔයා තරම් අමුතු විදිහට මට හිතන්න පතන්න බැරි නිසා මෙතනදී මම නිහඬයි !
ReplyDeleteඔය හැම දේකටම මට එක උත්තරයක් තියනවා ! ඔය මොන ගැටලුව ආවත් මම මීවිතකින් ඔය සේරම හෝදලා දානවා ..!
ජයවේවා !!
@chathu, ඕක තේරුම් යයි ඔයාට දවසක..
ReplyDelete@හිස් අහස, අපි දෙන්නම සෙට් වෙලා මීවිතක් ගමු වෙලාවක හැබැයි ප්‍රශ්න දියකරන්න නම් නෙමෙයි, ජොලියට.
හොද ලිපියක්. ෆොන්ට් එක ටිකක් ලොකු උනා නම් හොදයි
ReplyDeleteMr lonely ඔන්න එහෙනම් ෆොන්ට් 1 ටිකක් ලොකු කලා මේ පැත්තේ දකින්න ලැබීම සතුටක්
ReplyDeleteනියමයි...එල කතාව
ReplyDeleteදුක ඉවසුවත් පපුව කාගෙන දැනෙන වේදනාව කොහොමද ඉවසන්නේ...
ReplyDelete