රුපියල් 100ට ගත්ත ටිකට් දෙක පරිස්සමට නමළා උඹේ ලේන්සුවේ හැංගෙනවා,
මම දැක්කේ නෑ, ඒ උනාට මට දැනුණා,.
තුරුගොමු මැද්දෙන් ගිහින් ගස් මුලක වාඩි වෙනකොට ඇත්තමයි,
හිතන් හිටියේ පොඩ්ඩක් කතා කරමින් ඉදලා ආපහු යනවා කියලා විතරමයි.
ඒත්,
උඹේ ඔය ඇස් දෙක දිලිසුණ විදිහ,
එහාට මෙහාට හැරෙනකොට මගේ මුහුනේ පැටළුණු කොන්ඩේ,
මගේ අත ඔය උකුළ උඩින් තියාගෙන නොදන්නා සාස්තර බොරුවට කියනකොට,
හිත වෙව්ලවමින් පිටි අත්ලට දැනුන උනුසුම,
මගේ සැළෙන අත් දෙක ඔය කම්මුල් දෙක වටකරගන්නකොට,
යාන්තමින් පිය වුන ඇස් දෙක.
තව මොන අවසරයක්ද,
වෙව්ලන වේළුණ දෙතොල් මත ආදරය නමින් සටහනක් තියන්නට?
වෙනදාට මම අතින් ඇල්ලුවාමත් රවල බලන ඒ ඇස් දෙක,
අද පූස් පැටියෙක්ගේ වගේ රවුමට ලොකුවට.
ඔය මූණට හුස්ම පැටළෙන ගානට ළං වෙලා.
ජීවිතේ පළවෙනි වතාවට.
සැළෙන දෙතොළින් ඔය වේළුණු තොල්පෙති ........
ෂ්රෲරෲරෲ....... ෂ්රෲරෲරෲරෲ........... ෂ්රෲරෲරෲරෲර.....
කවුද යකෝ............විසිල් ගහන්නේ??
ප.ලි. උද්භිත උද්‍යානයේ විසිල් ගැසීමට නීත්‍යානුකූලව පත් කර ඇති බළකාය ඉතාම සක්‍රීය බව කණගාටුවෙන් දන්වා සිටිමි. :-(

ඔන්න පුතෝ මමත් විසිල් පාරක් ගැහුවා...
ReplyDeleteමට නං ඔය විසිල් එක ගහන විදිය ලියන්න තේරෙන්නෙ නැහැ.
උඹත් දැං ඒ කියන්නෙ චාටර් කොළුවෙක් නේ? හික්ස්...
දුවපං මචං දෙවනි පාර විසිල් ගහනකම් ඉන්න එපා .. දුවපං ..
ReplyDeleteඑල එල මල්ලි ඔහොම යන්...
ReplyDeletehttp://pachagune.blogspot.com
ආදරේට කොහෙද අප්පා නැත්තෙ බාධා...
ReplyDeleteහෙ හෙ නොමිලේ බලන්න ආපු ගැලරියේ එකෙක් වෙන්න ඇති බං.
ReplyDeleteබැරිවෙලාවත් මගෙ සිතුවම පැත්තේ ආවොත් about page බලපන්.
oh ,oya welaawata oya wage kupaadi weda karana un nan ellalala maranna oni... :-@
ReplyDeleteහරි ම සෝක්...
ReplyDeleteවිසිල් ගහපු එකාගෙ ....... :)
ReplyDeleteහෆෝ චීයා........!!
ReplyDeletepaw ban uba! idala idala! kamak na! eelaga paara visil gahanne nathi thanakata palayan! :) ela talk 1 :)
ReplyDeleteඅපෝ මෙහෙත් ඔහොම්මමයි. පේරාදෙණියේ මල් වත්තෙත් දැන් විසිල් ගහනවා. ගස් යට ඉන්නම දෙන්නේ නෑ.
ReplyDelete