මට මේ ලඟදි ලොකු ප්රශ්නයක් ඇති උනා. ඒක ඉතින් මම කරපු දෙයකට පසු තැවෙන්න සිදු වීමක්. මම දන්න විදිහට මම ගොඩාක් හිතල තමයි යම් දෙයක් කරන්නේ, ඉතින් මටත් ඒ වගේ උනාම සෑහෙන්න බොන්න වෙන ප්රශ්නයක් ඒක.
අපි යම් තැනකදී යම් දෙයක් කරනකොට ඕනිම කෙනෙක් හිතනවනේ මේකෙන් වෙන්න පුලුවන් දේවල් ගැන, තම තමන්ගේ බුඳ්ඳි මට්ටමෙන්. ඉතින් අපි කරන්නේ ඒ වෙලාවට ගොඩාක්ම නිවැරදි කියල හිතෙන දේ. නමුත් මෙතනින් බොහෝමයක් දෙනෙක්ට තියන ප්රශ්නයක් තමයි පස්සේ හිතෙනවා අපි කලේ නිවැරදිම දේ නෙමෙයි කියලා. ඒක නිකම් හරියට කොම්පියුටරයක් අරගෙන අවුරුද්දකට පස්සෙ හිතෙන්නේ අපරාදේ මේක ගත්තේ කියලා, අන්න ඒ වගේම හැඟීමක්. ඉතින් මම හිතුවා මේ නිකම් ම ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ඕක කල්පනා කරන්න ඕනි කියලා.අපි දෙයක් කරන්න කලින් ඒ අවස්ථාවේ හැටියට හිතනවා ඒ දේ ගැන. ඔතනදී ගොඩක් අය වරද්ද ගන්නේ ඒ අවස්ථාවේ ස්වරූපය ගැන ඕනිවටත් වඩා වද වීම හින්දා, මම හොදට කල්පනා කලා මම පසු තැවුනු තීරණ මොනවද කියලා. අනවශයය විදිහට කල්පනා කරලා ගත්ත තීරන වලදී ගොඩාක් වෙලාවට පස්සේ පසු තැවෙන්න වෙනවා කියලා මට තේරුම් ගන්න ගොඩාක් අමාරු උනේ නෑ.
පස්සේ පසු තැවෙන්න තියන හේතුව අපේ හැඟීම් ඒ වෙනකොට වෙනස් වීම කියන එකනම් බොහොම සරලව තේරුම් යන දෙයක්නේ. ඉතින් මේකට හේතුව අපි දවසින් දවස අපේ ඔලු වලට අලුත් දේවල් පුරව ගන්නකොට මුලින් තිබ්බ දේවල් වැඩක් නෑ කියලා හිතෙනවා වගේ දෙයක්නේ. ලී කැටයම් කපන්න පුරුදු වෙන මිනිහෙක්ට තමන් දැන් කපන කැටයම් දකින කොට ඉස්සර කැපුවේ මොනවද කියලා හිතෙනවනේ.
ඉතින් කොහොමද අපි පස්සේ පසු තැවෙන්නේ නැති වෙන්න තීරණ ගන්නේ.??
මට මතකයි පොඩි කාලේ උගන්නනවා පසුව පසුතැවීමට හේතුවන තීරණ ගන්න එපා කියලා. යකෝ එහෙම කිව්වට මොකෙක්වත් මට කියලා දුන්නේ නෑනේ කොහොමද ඒ තීරණ ගන්නේ කියලා. ඔතනදී මම එහෙයි කියලා ඉගෙන ගෙන හිටපු හැටි මතක් වෙනකොට මටත් පසුතැවීමක් ඇති උනා, ඇයි මම ඒ වෙලාවේ නැගිටලා ඕක ඇහුවේ නැත්තේ කියලා. මෙතන ඇත්තටම මොන තරම් කල්පනා කරලා මේ පෝස්ට් එක දැම්මත් මට හිතෙනවා පස්සේ මේක ටිකක් වෙනස් උනානම් හොඳයි කියලා. ඉතින් දැන් මට එක දෙයක් විශ්වාසයි. මොන තරම් හිතුවත් පස්සේ පසු තැවෙන්නේ නැතිවෙන්න තීරණ ගන්න එක මහ අමාරු වැඩක් බව.
ඇත්තටම මගේ ජීවිතයේ එහෙම අමාරු වැඩ තිබිල නෑ. ඉතින් මම තව ටිකක් කල්පනා කරා, මේකට මොකක් හරි විසඳුමක් තියෙන්නම ඕනි නේ.
අයියෝ මම වගේ මැට්ටෙක් මම එකම තැනනේ කැරකිලා තියෙන්නේ?? අපි හැමදාම කරන්නේ හැඟීම් වලට කඩේ යන එකනේ. ඉතින් අපිට හෙට මොන වගේ හැඟීමක් එයිද කියලා කියන්න බෑනේ. ඉතින් ලේසිම වැඩේ තමයි හැඟීම් වලට කඩේ යන එක නැවැත්වීම. ඒක කරන්න බැරි අයට තියන සරලම වැඩේ තමයි තමන් කල දේවල් ගැන ඊට පසුව කිසිම විටෙක කල්පනා නොකිරීම. මොකද හැඟීම් කියන්නේ අපිව රසවත් කරන්න තියෙන දෙයක් මිසක් අපිව පාලනය කරන්න තියන දෙයක් නොවන නිසා.ප. ලි.
මේ ලෝකේ මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි උත්තර නැති ප්රශ්න නෑ කියන එක, සරලවම කිව්වොත් කාටවත් කිසිම ප්රශ්නයක් නෑ. නමුත් හැමෝම තමන් විසින්ම ප්රශ්න හදාගන්නවා එහෙමත් නැත්නම් මවා ගන්නවා. ඒ කරලා ඒවට විසදුම් හොයමින් පසුතැවෙනවා. ඇත්තටම බැලුවොත් මේකම තමයි ජීවිතය කියන්නේ.













