මට මේ ලඟදි ලොකු ප්රශ්නයක් ඇති උනා. ඒක ඉතින් මම කරපු දෙයකට පසු තැවෙන්න සිදු වීමක්. මම දන්න විදිහට මම ගොඩාක් හිතල තමයි යම් දෙයක් කරන්නේ, ඉතින් මටත් ඒ වගේ උනාම සෑහෙන්න බොන්න වෙන ප්රශ්නයක් ඒක.

අපි දෙයක් කරන්න කලින් ඒ අවස්ථාවේ හැටියට හිතනවා ඒ දේ ගැන. ඔතනදී ගොඩක් අය වරද්ද ගන්නේ ඒ අවස්ථාවේ ස්වරූපය ගැන ඕනිවටත් වඩා වද වීම හින්දා, මම හොදට කල්පනා කලා මම පසු තැවුනු තීරණ මොනවද කියලා. අනවශයය විදිහට කල්පනා කරලා ගත්ත තීරන වලදී ගොඩාක් වෙලාවට පස්සේ පසු තැවෙන්න වෙනවා කියලා මට තේරුම් ගන්න ගොඩාක් අමාරු උනේ නෑ.
පස්සේ පසු තැවෙන්න තියන හේතුව අපේ හැඟීම් ඒ වෙනකොට වෙනස් වීම කියන එකනම් බොහොම සරලව තේරුම් යන දෙයක්නේ. ඉතින් මේකට හේතුව අපි දවසින් දවස අපේ ඔලු වලට අලුත් දේවල් පුරව ගන්නකොට මුලින් තිබ්බ දේවල් වැඩක් නෑ කියලා හිතෙනවා වගේ දෙයක්නේ. ලී කැටයම් කපන්න පුරුදු වෙන මිනිහෙක්ට තමන් දැන් කපන කැටයම් දකින කොට ඉස්සර කැපුවේ මොනවද කියලා හිතෙනවනේ.
ඉතින් කොහොමද අපි පස්සේ පසු තැවෙන්නේ නැති වෙන්න තීරණ ගන්නේ.??

මෙතන ඇත්තටම මොන තරම් කල්පනා කරලා මේ පෝස්ට් එක දැම්මත් මට හිතෙනවා පස්සේ මේක ටිකක් වෙනස් උනානම් හොඳයි කියලා. ඉතින් දැන් මට එක දෙයක් විශ්වාසයි. මොන තරම් හිතුවත් පස්සේ පසු තැවෙන්නේ නැතිවෙන්න තීරණ ගන්න එක මහ අමාරු වැඩක් බව.
ඇත්තටම මගේ ජීවිතයේ එහෙම අමාරු වැඩ තිබිල නෑ. ඉතින් මම තව ටිකක් කල්පනා කරා, මේකට මොකක් හරි විසඳුමක් තියෙන්නම ඕනි නේ.

ප. ලි.
මේ ලෝකේ මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි උත්තර නැති ප්රශ්න නෑ කියන එක, සරලවම කිව්වොත් කාටවත් කිසිම ප්රශ්නයක් නෑ. නමුත් හැමෝම තමන් විසින්ම ප්රශ්න හදාගන්නවා එහෙමත් නැත්නම් මවා ගන්නවා. ඒ කරලා ඒවට විසදුම් හොයමින් පසුතැවෙනවා. ඇත්තටම බැලුවොත් මේකම තමයි ජීවිතය කියන්නේ.